Sunday, 17 November 2019 - 11:44
සජිත් පරාජය පිළිගනී - නියෝජ්‍ය නායක ධුරයෙනුත් ඉවතට
ඊයේ පැවති ජනාධිපතිවරණයේ පරාජය පිළිගනිමින් නව ප්රජාතන්ත්රවාදී පෙරමුණේ ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක ධුරයෙන් ඉල්ලා අස්වීමට තීරණය කර තිබෙනවා.
ජනාධිපතිවරණයේ ප්‍රතිඵල පිළිබඳ නිවේදනයක් නිකුත් කරමින් ඔහු ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ වෙත සිය සුබ පැතුම් එක් කළා.
එහිදී ඔහු කියා සිටියේ ජනතා තීන්දුව පිළිගනිමින් ශ්‍රී ලංකාවේ 7 වන විධායක ජනාධිපතිවරයා ලෙස තේරී පත් වන ගෝඨාභය රාජපක්ෂ වෙත ගෞරවාන්විත ආචාරය පිරිනමන බවයි.
එම නිවේදනය පහතින්.
