නව රජයක් පිහිටුවන බව අභිනව ජනපති ගෝඨාභය කියයි

Monday, 18 November 2019 - 19:36

%E0%B6%B1%E0%B7%80+%E0%B6%BB%E0%B6%A2%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A+%E0%B6%B4%E0%B7%92%E0%B7%84%E0%B7%92%E0%B6%A7%E0%B7%94%E0%B7%80%E0%B6%B1+%E0%B6%B6%E0%B7%80+%E0%B6%85%E0%B6%B7%E0%B7%92%E0%B6%B1%E0%B7%80+%E0%B6%A2%E0%B6%B1%E0%B6%B4%E0%B6%AD%E0%B7%92+%E0%B6%9C%E0%B7%9D%E0%B6%A8%E0%B7%8F%E0%B6%B7%E0%B6%BA+%E0%B6%9A%E0%B7%92%E0%B6%BA%E0%B6%BA%E0%B7%92
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ 7 වන විධායක ජනාධිපතිවරයා ලෙස ගෝඨාභය රාජපක්ෂ අද දිවුරුම් දුන්නා.

ඒ, රුවන්වැලි මහසෑරඳුන් අභිමුව ඇති දුටුගැමුණු රජුන්ගේ පිළිරුව අභියසදියි. ඊට මහා සංඝරත්නය, දේශපාලනඥයින්, විදෙස් තානාපතිවරු ඇතුළු විශාල පිරිසක් එක්ව සිටියා.

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ සහ විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ ද ඊට එක්ව සිටියා.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ පෙරවරු 11ට පමණ සලපතල මළුවට පැමිණ අගවිනිසුරුවරයා ඉදිරියේද දිවුරුම් දීමට පෙර ආගමික වතාවත්වල නිරත වුණා. අනතුරුවයි ශ්‍රී ලංකාවේ 7 වන විධායක ජනාධිපතිවරයා ලෙස ගෝඨාභය රාජපක්ෂ අගවිනිසුරු ජයන්ත ජයසූරිය ඉදිරියේ දිවුරුම් දෙනු ලැබුයේ.

ජනාධිපති ධුරයේ දිවුරුම් දීමෙන් පසු පළමුවරට ජාතිය අමතමින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ සඳහන් කළේ තම ප්‍රතිපත්ති ප්‍රකාශනයට අනුව ඉදිරියට ක්‍රියා කරන බවයි.

මේ අතර, ගෝඨාභය රාජපක්ෂ ජනපති ධුරයෙන් දිවුරුම් දීමෙන් පසු අනුරාධපුර ජයශ්‍රී මහාබෝධීන් වහන්සේ වැද පුදා ගැනීමෙන් පසු ආශිර්වාද ලබා ගත්තේ ද ඉන් අනතුරුවයි.

පාරිශුද්ධත්වයේ සංකේතය වන සුදු නෙළුම් මල තේමාව කර ගනිමින් මෙරට 7 වන විධායක ජනපති ගෝඨාභය රාජපක්ෂගේ නිළ ධජය නිර්මාණය කර තිබෙනවා. එහි ප්‍රධාන වර්ණය ලෙස යොදාගෙන ඇත්තේ කුරහන් ධන්‍යයේ වර්ණය වන තද දුඹුරු පැහැයයි. ජනාධිපති ධජයේ නෙළුම් මලෙන් පාලකයා සතු නිර්මලභාවයත්, පිවිතුරු පාලනයත් පිළිබිඹු කෙරෙනවා.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories