නව ජනාධිපති ලේකම්වරයා සහ නව ආරක්ෂක ලේකම්වරයා පත්කරයි

Tuesday, 19 November 2019 - 11:26

%E0%B6%B1%E0%B7%80+%E0%B6%A2%E0%B6%B1%E0%B7%8F%E0%B6%B0%E0%B7%92%E0%B6%B4%E0%B6%AD%E0%B7%92+%E0%B6%BD%E0%B7%9A%E0%B6%9A%E0%B6%B8%E0%B7%8A%E0%B7%80%E0%B6%BB%E0%B6%BA%E0%B7%8F+%E0%B7%83%E0%B7%84+%E0%B6%B1%E0%B7%80+%E0%B6%86%E0%B6%BB%E0%B6%9A%E0%B7%8A%E0%B7%82%E0%B6%9A+%E0%B6%BD%E0%B7%9A%E0%B6%9A%E0%B6%B8%E0%B7%8A%E0%B7%80%E0%B6%BB%E0%B6%BA%E0%B7%8F+%E0%B6%B4%E0%B6%AD%E0%B7%8A%E0%B6%9A%E0%B6%BB%E0%B6%BA%E0%B7%92
නව ජනාධිපති ලේකම්වරයා ලෙස ආචාර්ය පී.බී. ජයසුන්දර පත් කර තිබෙනවා.

ශ්‍රී ලංකා මහබැංකුවේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකු ලෙස මෙන්ම එහි ආර්ථික විද්‍යාඥයෙකු ලෙස ද සේවය කළ ආචාර්ය පී.බී. ජයසුන්දර ඇමරිකා එක්සත් ජනපදයේ පශ්චාත් උපාධිධාරියෙක්.

මීට පෙර ඔහු මුදල් අමාත්‍යාංශයේ මෙන්ම මහා භාණ්ඩාගාරයේ ලේකම්වරයා ලෙස කටයුතු කර තිබෙනවා.  

නව ආරක්ෂක ලේකම්වරයා ලෙස විශ්‍රාමික මේජර් ජෙනරාල් කමල් ගුණරත්න පත්කර තිබෙනවා.

ඔහු මෙරට පැවති යුද්ධය අවසන් කිරීමේ අවසන් සටනේ පුරෝගාමී සෙන්පතියෙක්.

53 වන බල සේනාවේ අණ දෙන නිලධාරියා ලෙස කටයුතු කළ මේජර් ජනරාල් කමල් ගුණරත්න බ්‍රසීලයේ ශ්‍රී ලංකා නියෝජ්‍ය තානාපතිවරයා ලෙස ද කටයුතු කළා.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories