රාජ්‍ය සේවකයින්ට තාවකාලික විදෙස් ගමන් තහනමක්

Thursday, 21 November 2019 - 12:31

%E0%B6%BB%E0%B7%8F%E0%B6%A2%E0%B7%8A%E2%80%8D%E0%B6%BA+%E0%B7%83%E0%B7%9A%E0%B7%80%E0%B6%9A%E0%B6%BA%E0%B7%92%E0%B6%B1%E0%B7%8A%E0%B6%A7+%E0%B6%AD%E0%B7%8F%E0%B7%80%E0%B6%9A%E0%B7%8F%E0%B6%BD%E0%B7%92%E0%B6%9A+%E0%B7%80%E0%B7%92%E0%B6%AF%E0%B7%99%E0%B7%83%E0%B7%8A+%E0%B6%9C%E0%B6%B8%E0%B6%B1%E0%B7%8A+%E0%B6%AD%E0%B7%84%E0%B6%B1%E0%B6%B8%E0%B6%9A%E0%B7%8A
සියලූ රාජ්‍ය සේවකයන්ගේ විදෙස් සංචාර ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ නියෝගයක් පරිදි තාවකාලිකව අත්හිටුවා තිබෙනවා.

ජනාධිපතිවරයාගේ නියෝගය ජනාධිපති ලේකම් ආචාර්ය පී.බී. ජයසුන්දර විසින් සියලූම අමාත්‍යාංශ ලේකම්වරුන්ට සහ ආණ්ඩුකාර ලේකම්වරුන්ට ලිපියක් මගින් දැනුම්දී තිබෙනවා.

මෙම තීරණය තමන් යටතේ ඇති සියලූ රාජ්‍ය ආයතනවලට දැනුම්දෙන්නැයි ජනාධිපති ලේකම්වරයා එම ලිපිය මගින් උපදෙස් ලබාදී ඇති බවයි වාර්තා වන්නේ.

රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශ ලේකම් ජේ.ජේ. රත්නසිරි හිරු ප්‍රවෘත්ති අංශයට කියා සිටියේ තමන්ටද මෙම ලිපිය ලැබුණු බවයි.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories