Update+%3A+%E0%B6%85%E0%B6%B8%E0%B7%8A%E0%B6%B6%E0%B6%BD%E0%B6%B1%E0%B7%8A%E0%B6%9C%E0%B7%9C%E0%B6%A9+%E0%B6%BB%E0%B7%92%E0%B6%BA+%E0%B6%85%E0%B6%B1%E0%B6%AD%E0%B7%94%E0%B6%BB%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B8%E0%B7%80%E0%B6%9A+%E0%B7%83%E0%B7%84%2C+%E0%B6%AF%E0%B7%92%E0%B6%BA%E0%B6%AB%E0%B7%92%E0%B6%BA%E0%B6%B1%E0%B7%8A+%E0%B6%AF%E0%B7%99%E0%B6%AF%E0%B7%99%E0%B6%B1%E0%B7%8F+%E0%B6%B8%E0%B6%BB%E0%B7%94%E0%B6%A7
Monday, 02 December 2019 - 15:55
Update : අම්බලන්ගොඩ රිය අනතුරෙන් මවක සහ, දියණියන් දෙදෙනා මරුට
5,360

Views
අම්බලන්ගොඩ - ඌරවත්ත ප්‍රදේශයේදී අද පස්වරුවේ සිදුවූ රිය අනතුරකින් කාන්තාවන් තුන් දෙනෙකු මිය ගොස් තවත් තුන් දෙනෙකු තුවාල ලැබුවා.

මෙම පිරිස ගමන් කරමින් සිටි ත්‍රිරෝද රථයේ කොළඹ සිට මාතර දක්වා ධාවනය වෙමින් තිබූ පෞද්ගලික බස් රථයක් ගැටී මෙම අනතුර සිදුවූ අතර සිද්ධියෙන් ජීවිතක්ෂයට පත්වුණේ මව සහ ඇගේ 24 සහ 28 හැවිරිදි දියණියන් දෙදෙනායි.

ඇගේ අනෙක් දියණිය සහ ත්‍රිරෝද රථය පැදවූ බෑණා මෙන්ම ඔවුන්ගේ මාස දෙකක් පමණ වයසැති කුඩා බිළිදා සිද්ධියෙන් තුවාල ලැබුවා.

මෙම පිරිස කරාපිටිය ශික්ෂණ රෝහලේ ප්‍රතිකාර ලබන පියාගේ සුව දුක් විමසා නැවත නිවෙස් වෙත යමින් සිටියදියි මෙලෙස අනතුරට ලක්වුණේ.

බස් රථයේ රියදුරා ප්‍රතිවිරුද්ධ දිශාවෙන් බස් රථය ධාවනය කිරීම නිසා අනතුර සිදුව ඇති අතර ඔහු මේ වන විට පොලිස් අත්අඩංගුවේ පසුවනවා.

Update :

අම්බලන්ගොඩ - ඌරවත්ත ප්‍රදේශයේදී අද පස්වරුවේ සිදුවූ රිය අනතුරකින් පුද්ගලයින් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්ව තවත් 4 දෙනෙකු බරපතල තුවාල ලබා රෝහල් ගත කර තිබෙනවා.

පොලීසිය සඳහන් කළේ බස් රථයක් සහ ත්‍රිරෝද රථයක් එකිනෙක ගැටීමෙන් මෙම අනතුර සිදුව ඇති බවයි.

අනතුරෙන් තුවාල ලැබූවන් මේ වන විට බලපිටිය රෝහලට ඇතුළත් කර තිබෙනවා.

Make a Comment
Make a Comment

DOWNLOAD HIRUNEWS APP ON ANDROID & APPLE
ජනපතිගේ ඉන්දීය සංචාරය
Friday, 29 November 2019 - 7:35
දෙදින නිල සංචාරයක් සඳහා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ඊයේ (28) ඉන්දියාව බලා පිටත්ව ගියා.ඒ ඉන්දීය අග්‍රාමාත්‍ය... Read More
News Image
Hiru News Programme Segments
6,725 Views
68,271 Views
24,246 Views
32,920 Views
1,086 Views
116,035 Views
Top