ටියුනීසියාවේ මාර්ග අනතුරකින් 24 දෙනෙකු ජීවිතක්ෂයට

Monday, 02 December 2019 - 16:06

%E0%B6%A7%E0%B7%92%E0%B6%BA%E0%B7%94%E0%B6%B1%E0%B7%93%E0%B7%83%E0%B7%92%E0%B6%BA%E0%B7%8F%E0%B7%80%E0%B7%9A+%E0%B6%B8%E0%B7%8F%E0%B6%BB%E0%B7%8A%E0%B6%9C+%E0%B6%85%E0%B6%B1%E0%B6%AD%E0%B7%94%E0%B6%BB%E0%B6%9A%E0%B7%92%E0%B6%B1%E0%B7%8A+24+%E0%B6%AF%E0%B7%99%E0%B6%B1%E0%B7%99%E0%B6%9A%E0%B7%94+%E0%B6%A2%E0%B7%93%E0%B7%80%E0%B7%92%E0%B6%AD%E0%B6%9A%E0%B7%8A%E0%B7%82%E0%B6%BA%E0%B6%A7
උතුරු අප්‍රිකානු ටියුනීසියාවේ කඳුකර ප්‍රදේශයකදී බස් රථයක් ප්‍රපාතයකට පෙරළීමෙන් එහි ගමන් ගත් 24 දෙනෙකු ජීවිතක්ෂයට පත්වී තිබෙනවා.

ටියුනීසියාවේ දේශීය සංචාරකයන් අතර ප්‍රකට අයින් ධරාම් ප්‍රදේශයේ දී ඊයේ සිදුවූ මෙම අනතුරෙන් තවත් 18 දෙනෙකු තුවාල ලැබුවා.

ඇල්ජීරියානු දේශසීමාව ආසන්නයේ මෙම නගරය පිහිටා තිබෙනවා.

තියුණු වංගුවක් ගැනීමට යාමේදී බස් රථය ගංඟාවක් අසළ ප්‍රපාතයකට පෙරළී ඇති අතර, අනතුරෙන් බස් රථයට දැඩි හානි සිදුව ඇති බවයි විදෙස් වාර්තා සඳහන් කළේ.

මිය ගිය සියල්ලන්ම වයස අවුරුදු 20ත්, 30ත් අතර වයස්වල පසුවන අයයි.

ටියුනීසියාවේ මෙවැනි මාර්ග අනතුරු නිරන්තරයෙන් වාර්තා වන අතර, ලෝක සෞඛ්‍ය සංවිධානය 2015 වසරේදී ප්‍රකාශ කළේ එය යුද්ධයෙන් ඇලළුණු ලිබියාව හැරුණු කොට උතුරු අප්‍රිකාවේ මාරක මාර්ග අනතුරු බහුලතම රට බවයි.


ඇමනෙස්ටි චෝදනාව ඇමරිකානු හමුදාව ප්‍රතික්ෂේප කරයි
Wednesday, 01 April 2020 - 19:58

සෝමාලියාවේ සිවිල් වැසියන් පිරිසකට ගුවන් ප්‍රහාර එල්ල කළ... Read More

කොරෝනාවෙන් අලින්ටත් බලපෑම්
Wednesday, 01 April 2020 - 7:56

කොරෝනා වෛරසය පැතිර යාමත් සමඟ සංචාරකයන් නොපැමිණීම හේතුවෙන්... Read More

චීනයේ වනාන්තරයක ගින්නක් පාලනයට ගිය භටයින් 19 ක් මරුට
Tuesday, 31 March 2020 - 20:13

චීනයේ සිචුආන් පළාතේ වනාන්තරයක පැතිර ගිය ගින්නක් නිවීමට ගිය... Read More