%E0%B6%85%E0%B6%BA%E0%B7%84%E0%B6%B4%E0%B6%AD%E0%B7%8A+%E0%B6%9A%E0%B7%8F%E0%B6%BD%E0%B6%9C%E0%B7%94%E0%B6%AB%E0%B6%BA%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%85%E0%B7%80%E0%B6%AF%E0%B7%8F%E0%B6%B1%E0%B6%B8%E0%B7%8A+%E0%B7%83%E0%B7%84+%E0%B6%B4%E0%B7%93%E0%B6%A9%E0%B7%8F%E0%B7%80%E0%B6%A7+%E0%B6%B4%E0%B6%AD%E0%B7%8A%E0%B7%80+%E0%B6%87%E0%B6%AD%E0%B7%92+%E0%B6%A2%E0%B6%B1%E0%B6%AD%E0%B7%8F%E0%B7%80+%E0%B7%80%E0%B7%99%E0%B6%B1%E0%B7%94%E0%B7%80%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B7%80%E0%B7%92%E0%B7%81%E0%B7%9A%E0%B7%82+%E0%B7%80%E0%B7%90%E0%B6%A9%E0%B6%B4%E0%B7%92%E0%B7%85%E0%B7%92%E0%B7%80%E0%B7%99%E0%B7%85%E0%B6%9A%E0%B7%8A
Monday, 02 December 2019 - 16:59
අයහපත් කාලගුණයෙන් අවදානම් සහ පීඩාවට පත්ව ඇති ජනතාව වෙනුවෙන් විශේෂ වැඩපිළිවෙළක්
574

Views
අයහපත් කාලගුණයෙන් අවදානමක් ඇති ප්‍රදේශවලින් ජනතාව ඉවත්කිරීමට හා ඔවුන්ගේ ආරක්ෂාව සඳහා විශේෂ වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කරන ලෙස ගරු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අදාළ නිලධාරීන් වෙත අද උපදෙස් ලබදුන්නා.

පසුගිය දිනවල ඇතිවූ අවදානම් තත්වය හේතුවෙන් අවතැන් වුවන් හා ඇතිවූ විනාශයන් පිළිබඳව සාකච්ඡා කිරීමට හා ඒවා වලක්වා ගැනීම සඳහා ඉදිරියේදී ගතයුතු ක්‍රියාමාර්ග පිළිබඳව සාකච්ඡා කිරීමට අද (02) පෙරවරුවේ කැඳවා තිබු හමුවේදීයි අග්‍රාමාත්‍යවරයා මෙම උපදෙස් ලබාදුනේ.

අයහපත් කාලගුණ තත්වයන් හේතුකොටගෙන මේ වනවිට දිස්ත්‍රික්ක 9 ක ජනතාව ආපදා තත්වයට ලක්ව ඇති අතර මඩකලපුව, නුවරඑලිය, අම්පාර හා බදුල්ල දිස්ත්‍රික්කවල ජනතාව මෙයින් දැඩි පීඩාවට පත්ව තිබෙනවා.

අයහපත් කාලගුණයෙන් අවතැන්වූවන්ට පිසූ ආහාර ලබාදීම හා ඔවුන්ගේ සනීපාරක්ෂක තත්වයන් පිළිබඳව නොපමාව කටයුතු කරන ලෙස හා පීඩාවට පත්වූවන්ට වියලි ආහාර ලබාදීමට අවශ්‍ය කටයුතු සිදුකරන ලෙසයි එහිදී අගමැතිවරයා නිලධාරීන් වෙත උපදෙස් ලබාදුන්නේ.

එමෙන්ම ආපදාවට ලක්වූ දරුවන් පිළිබඳව විශේෂ අවධානයක් යොමුකරන ලෙස මෙන්ම ඔවුන්ගේ ආරක්ෂාව පිළිබඳව දැඩි සැලකිල්ලක් දක්වන ලෙස ද නිලධාරීන්ගෙන් ඉල්ලා සිටියා.

එමෙන්ම අ.පො.ස. (සාමාන්‍ය පෙළ) විභාගය මේ දිනවල පවතින බැවින් විභාගයට පෙනී සිටින සිසුනට තම විභාග මධ්‍යස්ථාන වලට යාමට නොහැකිනම් විකල්ප විභාග මධ්‍යස්ථාන ලබාදෙන ලෙසද බලධාරීන් වෙත උපදෙස් ලබාදුන්නා.

මෙම අවස්ථාවට ආපදා කළමනාකරණ අමාත්‍ය ජනක බණ්ඩාර තෙන්නකෝන්, රාජ්‍ය අමාත්‍ය මහින්ද සමරසිංහ, අග්‍රාමාත්‍ය ලේකම් ගාමිණි සෙනරත්, අමාත්‍යංශ ලේකම්වරුන්, ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානීන් ප්‍රමුඛ ත්‍රිවිධ හමුදාපතිවරුන්, වැඩබලන පොලිස්පති ඇතුළු පිරිසක් එක්ව සිටියා.



Make a Comment
Make a Comment

DOWNLOAD HIRUNEWS APP ON ANDROID & APPLE
ජනපතිගේ ඉන්දීය සංචාරය
Friday, 29 November 2019 - 7:35
දෙදින නිල සංචාරයක් සඳහා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ඊයේ (28) ඉන්දියාව බලා පිටත්ව ගියා.ඒ ඉන්දීය අග්‍රාමාත්‍ය... Read More
News Image
Hiru News Programme Segments
6,725 Views
68,271 Views
24,246 Views
32,920 Views
1,086 Views
116,035 Views
Top