%E0%B7%84%E0%B7%99%E0%B6%A7+%E0%B7%83%E0%B7%92%E0%B6%A7+%E0%B6%B4%E0%B7%85%E0%B7%8F%E0%B6%AD%E0%B7%8A+4%E0%B6%9A%E0%B6%A7+%E0%B7%80%E0%B7%90%E0%B7%83%E0%B7%92+%E0%B7%80%E0%B7%90%E0%B6%A9%E0%B7%92%E0%B7%80%E0%B7%9A+-+%E0%B7%80%E0%B6%BD%E0%B6%B4%E0%B6%B1%E0%B7%9A+%E0%B6%B4%E0%B7%83%E0%B7%8A+%E0%B6%9A%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF%E0%B6%A7+%E0%B6%BA%E0%B6%A7%E0%B7%80%E0%B7%96%E0%B7%80%E0%B6%B1%E0%B7%8A+%E0%B6%85%E0%B7%80%E0%B7%83%E0%B6%B1%E0%B7%8A+%E0%B6%9C%E0%B6%B8%E0%B6%B1%E0%B7%8A+%E0%B6%BA%E0%B6%BA%E0%B7%92
Monday, 02 December 2019 - 19:47
හෙට සිට පළාත් 4කට වැසි වැඩිවේ - වලපනේ පස් කන්දට යටවූවන් අවසන් ගමන් යයි
980

Views
උතුර, නැගෙනහිර, ඌව සහ මධ්‍යම යන පළාත්වලට පවතින වැසි තත්ත්වයේ වැඩිවීමක් හෙට සිට අපේක්ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.

ඇතැම් ස්ථානවලට මිලිමීටර් 100 ඉක්ම වූ තද වැසි ඇති විය හැකියි.

කඳුකර ප්‍රදේශවල ජීවත් වන ජනතාව ඇති විය හැකි නාය යාම් පිළිබදව වැඩි අවධානයෙන් පසුවිය යුතු බවයි එම දෙපාර්තමේන්තුව දැනුම් දෙන්නේ.

මේ අතර, නුවරඑළිය - වලපනේ - මලපට්ටාව ප්‍රදේශයේ නිවසක් මතට පස් කන්දක් කඩාවැටීමෙන් මිය ගිය එකම පවුලේ මව, පියා සහ දියණියගේ අවසන් කටයුතු මලපට්ටාව පොදු සුසාන භූමියේදී අද සිදුකෙරුණා.

ඔවුන්ගේ 17 හැවිරිදි දරුවා සොයා අද දිනයේත් මෙහෙයුම් සිදුකළත් සිරුර හමු නොවූ අතර, මොහු අද දිනයේ ආරම්භ වූ සාමාන්‍ය පෙළ විභාගයට මුහුණ දීමටයි නියමිතව තිබුණේ.

කෙසේ වෙතත්, නාය යාම සිදුවූ ස්ථානයට පැමිණි ප්‍රදේශවාසීන් පිරිසක් චෝදනා කළේ අසළ පිහිටි ගල් කොරියක ගල් කැඩීම මෙම නාය යාමට හේතු වී ඇති බවයි.  

මේ අතර, වර්ෂාවත් සමඟ ජලාශ 8ක වාන් දොරටු තවදුරටත් විවෘතව පවතින බවයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ සහකාර අධ්‍යක්ෂ ප්‍රදීප් කොඩිප්පිලි සඳහන් කළේ.

මේ අතර, අයහපත් කාලගුණයත් සමඟ ඇතිව තිබෙන ආපදා තත්ත්වයේදී ජනතාවගේ ආරක්ෂාව සහ සුබසාධනය තහවුරු කිරීම සඳහා ගත යුතු සියලු ක්‍රියාමාර්ග නොපමාව ගැනීමට කටයුතු කරන ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ සියලු රාජ්‍ය නිලධාරීන් වෙත උපදෙස් ලබාදී තිබෙනවා.

ජනාධිපති කාර්යාලය නිවේදනය කළේ ආරක්ෂක අමාත්‍යාංශය සහ ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සමඟ සම්බන්ධීකරණයෙන් අදාළ අමාත්‍යාංශවල නිලධාරීන්, දිස්ත්‍රික් ලේකම්වරුන් සහ ප්‍රාදේශීය ලේකම්වරුන් වෙත ඒ පිළිබඳ උපදෙස් මේ වනවිටත් ලබා දී ඇති බවයි.

එමෙන්ම, දිස්ත්‍රික්ක 9ක ඇති වී තිබෙන අයහපත් කාලගුණ තත්ත්වය සම්බන්ධයෙන් ගත යුතු ක්‍රියාමාර්ග පිළිබදව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ අදාළ බලධාරීන් සමඟ සාකච්ඡාවක් පවත්වා තිබෙනවා.

එහිදී දැනට පීඩාවට පත්ව සිටින ජනතාවගේ ආරක්ෂාව සඳහා විශේෂ වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කරන ලෙසටයි අග්‍රාමාත්‍යවරයා උපදෙස් ලබාදී ඇත්තේ.

ඊසානදිග මෝසම් වැසි තත්ත්වයත් සමඟ ඇති වී තිබෙන ආපදා තත්ත්වය සම්බන්ධයෙන් ගත යුතු ඉදිරි ක්‍රියාමාර්ග පිළිබදව රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු අමාත්‍ය ජනක බණ්ඩාර තෙන්නකෝන්ගේ ප්‍රධානත්වයෙන් ආපදා කළමනාකරණ අමාත්‍යාංශයේදී අද සාකච්ඡාවක් පැවැත්වුණා.

එහිදී දිස්ත්‍රික්ක 10ක ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ 34කට අයත් පවුල් 1480ක පුද්ගලයින් 5415 දෙනෙකු පීඩාවට ලක්ව ඇති බවයි හෙළි වුණේ.

පුද්ගලයින් 915 දෙනෙකු ආරක්ෂිත ස්ථාන 14ක රදවා සිටින අතර, ආපදා හේතුවෙන් පුද්ගලයින් 5 දෙනෙකු මිය ගොස් තවත් 4 දෙනෙකු තුවාල ලබා තිබෙනවා.

තවත් අයෙකු අතුරුදන්ව සිටින බවයි එහිදී අනාවරණ වුණේ.



Make a Comment
Make a Comment

DOWNLOAD HIRUNEWS APP ON ANDROID & APPLE
ජනපතිගේ ඉන්දීය සංචාරය
Friday, 29 November 2019 - 7:35
දෙදින නිල සංචාරයක් සඳහා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ඊයේ (28) ඉන්දියාව බලා පිටත්ව ගියා.ඒ ඉන්දීය අග්‍රාමාත්‍ය... Read More
News Image
Hiru News Programme Segments
6,460 Views
67,852 Views
24,185 Views
32,800 Views
1,053 Views
115,708 Views
Top