%E0%B6%A2%E0%B6%B1%E0%B6%B4%E0%B6%AD%E0%B7%92%E0%B6%A7+%E0%B6%B4%E0%B7%8F%E0%B6%9A%E0%B7%92%E0%B7%83%E0%B7%8A%E0%B6%AD%E0%B7%8F%E0%B6%B1%E0%B6%BA%E0%B7%99%E0%B6%B1%E0%B7%94%E0%B6%AD%E0%B7%8A+%E0%B6%87%E0%B6%BB%E0%B6%BA%E0%B7%94%E0%B6%B8%E0%B7%8A
Monday, 02 December 2019 - 20:24
ජනපතිට පාකිස්තානයෙනුත් ඇරයුම්
478

Views
පාකිස්තානයේ සංචාරයක නිරත වන ලෙස එරට විදේශ කටයුතු අමාත්‍ය ෂාඞ් මහමුද් කුරේෂි, ජනාධිපති ගෝඨාභය රාජපක්ෂට ආරාධනාවක් සිදුකර තිබෙනවා.

ඒ, අද දහවල් ජනාධිපති කාර්යාලයේදී ජනාධිපතිවරයා හමුවූ අවස්ථාවේදියි.

මෙහිදී පාකිස්තාන රජයේ සුභාශිංසන ජනාධිපතිවරයා වෙත පිළිගැන්වූ එරට විදේශ කටයුතු අමාත්‍යවරයා තම රට සතු බෞද්ධ උරුමය සංවර්ධනය කර ආරක්ෂා කර ගැනීම සඳහා ශ්‍රී ලංකාව සමඟ එක්ව ක්‍රියා කිරීමට කැමැත්තෙන් පසුවන බවයි සඳහන් කළේ.

මූල්‍යමය ආධාර වෙනුවට අප වෑයම් කළ යුත්තේ අන්‍යෝන්‍ය වශයෙන් ඵලදායී පදනම මත වෙළද හා ආයෝජන ක්ෂේත්‍රයන් හි අඛණ්ඩ ප්‍රගතිය සහතික කිරීම බව මෙහිදී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ සඳහන් කළා.

පාකිස්තානයට බුලත් අපනයනය කිරීම ඊට උදාහරණයක් බවයි ජනාධිපතිවරයා පෙන්වා දුන්නේ.

එසේම, ශ්‍රී ලංකාව මුහුණ දී සිටින බරපතල උවදුරක් වන මත්ද්‍රව්‍ය ජාවාරම සහ මත්ද්‍රව්‍ය භාවිතය පිටුදැකීමට සහය ලබාදෙන ලෙස ඉල්ලීමක් කළ ජනාධිපතිවරයා, ඉස්ලාමීය අන්තවාදයට එරෙහි සටනේදී ශ්‍රී ලංකාවට සහය වන ලෙස ද පාකිස්තාන විදේශ කටයුතු අමාත්‍යවරයාගෙන් ඉල්ලා සිටියා.

Make a Comment
Make a Comment

DOWNLOAD HIRUNEWS APP ON ANDROID & APPLE
ජනපතිගේ ඉන්දීය සංචාරය
Friday, 29 November 2019 - 7:35
දෙදින නිල සංචාරයක් සඳහා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ඊයේ (28) ඉන්දියාව බලා පිටත්ව ගියා.ඒ ඉන්දීය අග්‍රාමාත්‍ය... Read More
News Image
Hiru News Programme Segments
6,725 Views
68,271 Views
24,246 Views
32,920 Views
1,086 Views
116,035 Views
Top