%E0%B6%AD%E0%B7%80%E0%B6%AD%E0%B7%8A+%E0%B7%80%E0%B7%92%E0%B6%AF%E0%B7%9A%E0%B7%81%E0%B7%93%E0%B6%BA+%E0%B6%BB%E0%B7%8F%E0%B6%A2%E0%B7%8A%E2%80%8D%E0%B6%BA+%E0%B6%AD%E0%B7%8F%E0%B6%B1%E0%B7%8A%E0%B6%AD%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%92%E0%B6%9A%E0%B6%BA%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B4%E0%B7%92%E0%B6%BB%E0%B7%92%E0%B7%83%E0%B6%9A%E0%B7%8A+%E0%B6%85%E0%B6%9C%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%8F%E0%B6%B8%E0%B7%8F%E0%B6%AD%E0%B7%8A%E2%80%8D%E0%B6%BA+%E0%B6%B8%E0%B7%84%E0%B7%92%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF+%E0%B6%BB%E0%B7%8F%E0%B6%A2%E0%B6%B4%E0%B6%9A%E0%B7%8A%E0%B7%82+%E0%B7%84%E0%B6%B8%E0%B7%94%E0%B7%80%E0%B7%99%E0%B6%BA%E0%B7%92
Wednesday, 04 December 2019 - 16:13
තවත් විදේශීය රාජ්‍ය තාන්ත්‍රිකයන් පිරිසක් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ හමුවෙයි
938

Views
අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ තවත් විදේශීය රාජ්‍ය තාන්ත්‍රිකයන් තුන් දෙනෙකු අද මුණ ගැසී තිබෙනවා.

ශ්‍රී ලංකාවේ බංග්ලාදේශ මහකොමසාරිස් රියාස් හමිදුල්ලා අරලියගහ මන්දිරයේදී අග්‍රාමාත්‍යවරයා හමුවූ අවස්ථාවේ ද්වීපාර්ශවික වෙළදාම ආර්ථික සහයෝගිතාව මෙන්ම, බිම්ස්ටෙක් සංවිධානය ශක්තිමත් කරලීම පිළිබදව සාකච්ඡා කර තිබෙනවා.

එහිදී බංග්ලාදේශ මහකොමසාරිස්වරයා, අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ වෙත බංග්ලාදේශ අගමැතිනි ෂික් හසීනා ලබාදුන් සුබ පැතුම් පණිවුඩයක් ද පිරිනමා තිබෙනවා.

ශ්‍රී ලංකාවේ නවසීලන්ත මහකොමසාරිස්වරිය වන ජොඇනා කෙම්ප්කර්ස් ද අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ අද පෙරවරුවේ මුණ ගැසුණු අතර, කිරි සහ පශු සම්පත් කර්මාන්තයේ දෙරට අතර පවතින දිගුකාලීන සහයෝගිතාව පිළිබදව එහිදී සාකච්ඡා කළ බව සදහන්.

ශ්‍රී ලංකාවේ කැනඩා මහකොමසාරිස් ඬේවිඞ් මැකිනොන්, අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ අද පෙරවරුවේ මුණ ගැසී ඇති අතර, එහිදී වෙළදාම සහ ආයෝජන, වත්මන් දේශපාලන තත්ත්වය, අධ්‍යාපන ප්‍රතිසංස්කරණ සහ සංහිදියා පිළිබදව සාකච්ඡා කළ බවයි අග්‍රාමාත්‍ය කාර්යාලය සදහන් කළේ.
Make a Comment
Make a Comment

DOWNLOAD HIRUNEWS APP ON ANDROID & APPLE
ජනපතිගේ ඉන්දීය සංචාරය
Friday, 29 November 2019 - 7:35
දෙදින නිල සංචාරයක් සඳහා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ඊයේ (28) ඉන්දියාව බලා පිටත්ව ගියා.ඒ ඉන්දීය අග්‍රාමාත්‍ය... Read More
News Image
Hiru News Programme Segments
6,309 Views
67,650 Views
24,146 Views
32,755 Views
1,037 Views
115,561 Views
Top