%E0%B6%A2%E0%B6%B1%E0%B6%B4%E0%B6%AD%E0%B7%92+%E0%B7%84%E0%B7%9D+%E0%B6%B4%E0%B7%80%E0%B7%94%E0%B6%BD%E0%B7%9A+%E0%B6%85%E0%B6%BA%E0%B7%99%E0%B6%9A%E0%B7%94+%E0%B6%9D%E0%B7%8F%E0%B6%AD%E0%B6%B1%E0%B6%BA+%E0%B6%9A%E0%B7%92%E0%B6%BB%E0%B7%93%E0%B6%B8%E0%B6%A7+%E0%B7%83%E0%B7%90%E0%B6%BD%E0%B7%83%E0%B7%94%E0%B6%B8%E0%B7%8A+%E0%B6%9A%E0%B7%85+%E0%B7%83%E0%B7%90%E0%B6%9A%E0%B6%9A%E0%B6%BB%E0%B7%94%E0%B7%80%E0%B7%99%E0%B6%9A%E0%B7%94+%E0%B6%BB%E0%B6%AF%E0%B7%80%E0%B7%8F+%E0%B6%9C%E0%B7%99%E0%B6%B1+%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%81%E0%B7%8A%E0%B6%B1+%E0%B6%9A%E0%B7%99%E0%B6%BB%E0%B7%9A
Wednesday, 04 December 2019 - 18:25
ජනපති හෝ පවුලේ අයෙකු ඝාතනය කිරීමට සැලසුම් කළ සැකකරුවෙකු රදවා ගෙන ප්‍රශ්න කෙරේ
3,740

Views
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ හෝ ඔහුගේ පවුලේ සාමාජිකයෙකු ඝාතනය කිරීමට සැලසුම් කළ බව කියන සිද්ධියක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සැකකරුවෙකු පැය 72 ක් රදවාගෙන ප්‍රශ්න කිරීමට මිනුවන්ගොඩ මහේස්ත්‍රාත් කේසර සී.ඒ. සමරදිවාකර අද කටුනායක පොලීසියට අවසර ලබාදුන්නා.

ඊයේ මෙලෙස අත්අඩංගුවට පත්වුණේ වාලච්චේන,  ඕට්ටමාවඩි, මීරාවෝඩ්, ආලිම් පාර ප්‍රදේශයේ පදිංචි 27 හැවිරිදි පුද්ගලයෙක්.

මොහු තවත් පුද්ගලයින් 3 දෙනෙකු සමග කටුනායක - අමන්දොළුව, ජයවර්ධනපුර ප්‍රදේශයේ නිවසක් කුලියට ගෙන පදිංචිව සිටියදී අත්අඩංගුවට ගත් බව පොලීසිය අධිකරණයට කරුණු වාර්තා කළා.

කෙසේ වෙතත්, ඉතිරි සැකකරුවන් යම් අපරාධයක් කිරීමට සූදානම් නොවන බවට අනාවරණ වීමෙන් පසුව පොලිස් ඇප මත මුදා හැරි බවයි පොලීසිය අධිකරණයට දැනුම් දුන්නේ.

27 හැවිරිදි මුස්ලිම් ජාතික සැකකරු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ හෝ ඔහුගේ පවුලේ සාමාජිකයෙකු ඝාතනය කිරීම සදහා සැලසුමක් ක්‍රියාවේ යොදවා ඇති බවට කරුණු අනාවරණ වී ඇති බැවින් ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ සැකකරු රදවාගෙන ප්‍රශ්න කිරීමට අවශ්‍ය බව පොලීසිය දැනුම් දුන්නා.

ඒ අනුව, කරුණු සලකා බැලූ මහේස්ත්‍රාත්වරයා ඊට අවසර ලබාදුන් අතර විමර්ශන අවසන් කිරීමෙන් පසු ඔහුව අධිකරණයට ඉදිරිපත් කරන ලෙසයි පොලීසියට නියම කළේ.

අත්අඩංගුවට ගෙන පසුව මුදා හැරුණු සැකකරුවෙකු පොලීසියට ප්‍රකාශ කර ඇත්තේ ඝාතනය සදහා එක්වන ලෙස ප්‍රධාන සැකකරු තමන්ගෙන් ඉල්ලා සිටි බවයි.

එමෙන්ම, ඝාතනයෙන් පසුව  ඕනෑම පහසුකමක් ලබාදෙන බවට සහ අවශ්‍ය නම් විදෙස් ගත වීමට ද පහසුකම් සපයා දෙන බව ප්‍රධාන සැකකරු ඔහුට පවසා තිබෙනවා.

මීට අමතරව, කිසියම් හේතුවක් මත පොලිස් අත්අඩංගුවට පත්වුවහොත් ඉන් මුදා ගැනීමේ ක්‍රමවේදයක් ද තමන් සතුව පවතින බවයි ප්‍රධාන සැකකරු සදහන් කර ඇත්තේ.





Make a Comment
Make a Comment

DOWNLOAD HIRUNEWS APP ON ANDROID & APPLE
ජනපතිගේ ඉන්දීය සංචාරය
Friday, 29 November 2019 - 7:35
දෙදින නිල සංචාරයක් සඳහා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ඊයේ (28) ඉන්දියාව බලා පිටත්ව ගියා.ඒ ඉන්දීය අග්‍රාමාත්‍ය... Read More
News Image
Hiru News Programme Segments
6,309 Views
67,650 Views
24,146 Views
32,755 Views
1,037 Views
115,561 Views
Top