%E0%B6%85%E0%B6%B7%E0%B7%8F%E0%B7%80%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%8F%E0%B6%B4%E0%B7%8A%E0%B6%AD+%E0%B6%B8%E0%B6%B1%E0%B7%8A%E0%B6%AD%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%93+%E0%B6%BB%E0%B6%82%E0%B6%A2%E0%B7%92%E0%B6%AD%E0%B7%8A+%E0%B7%83%E0%B7%9C%E0%B6%BA%E0%B7%92%E0%B7%83%E0%B7%8F%E0%B6%9C%E0%B7%9A+%E0%B6%85%E0%B7%80%E0%B7%83%E0%B6%B1%E0%B7%8A+%E0%B6%9A%E0%B6%A7%E0%B6%BA%E0%B7%94%E0%B6%AD%E0%B7%94+%E0%B6%BD%E0%B6%B6%E0%B6%B1+%E0%B6%89%E0%B6%BB%E0%B7%92%E0%B6%AF%E0%B7%8F+%E0%B6%9C%E0%B7%9C%E0%B6%A9%E0%B6%9A%E0%B7%80%E0%B7%99%E0%B6%BD%E0%B6%AF%E0%B7%93
Wednesday, 04 December 2019 - 19:21
අභාවප්‍රාප්ත මන්ත්‍රී රංජිත් සොයිසාගේ අවසන් කටයුතු ලබන ඉරිදා ගොඩකවෙලදී
577

Views
සිංගප්පූරුවේ පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබමින් සිටියදී අභාවප්‍රාප්ත වූ එක්සත් ජනතා නිදහස් සන්ධාන රත්නපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් සොයිසා දේහය පිළිබද අවසන් කටයුතු ලබන ඉරිදා පස්වරු 2 ට ගොඩකවෙල ප්‍රාදේශීය සභා ක්‍රීඩාංගනයේදී සිදුකිරීමට නියමිතයි.

1962 වසරේ මැයි මස 5 වනදා ගොඩකවෙල - අල්පිටියේදී උපත ලැබූ රංජිත් ද සොයිසා මන්ත්‍රීවරයා ගොඩකවෙල අල්පිටිය සිද්ධාර්ථ විද්‍යාලයෙන් සහ අල්පිටිය රාහුල ජාතික පාසලෙන් අධ්‍යාපනය හදාරනු ලැබුවා.

එමෙන්ම, ඔහු කෘෂි කර්මාන්තය පිළිබද විශේෂ ඩිප්ලෝමාධාරියෙක්.

වැවිලිකරුවෙකු ලෙස සිය ජීවිකාව ඇරඹූ රංජිත් ද සොයිසා දෙදරු පියෙක්.

කුඩාකල පටන් විප්ලවකාරි මතධාරියෙකු වූ නිසාම, 1988, 89 කාල වකවානුව තුළ ඔහු සිය දේශපාලන දිවියේ අත්පොත් තබන්නේ ජනතා විමුක්ති පෙරමුණෙන්.

පසුව, 1996 වසරේදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නියෝජනය කරමින් ගොඩකවෙල - අටකලම්පන්න ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයා ලෙස තේරී පත් වන රංජිත් ද සොයිසා මන්ත්‍රීවරයා 2002 වසරේ එම ප්‍රාදේශීය සභාවේම විපක්ෂ නායකවරයා බවට පත්වුණා.

2004 වසරේ පැවති පළාත් සභා මැතිවරණයෙන් සබරගමුව පළාත් සභාවේ නියෝජනය කිරීමේ වරම් හිමිකර ගැනීමටත්, එහි ඉඩම්, කෘෂිකර්ම, වාරිමාර්ග අමාත්‍යවරයා ලෙස මෙන්ම, සෞඛ්‍ය, දේශීය වෛද්‍ය හා වනිතා කටයුතු අමාත්‍යවරයා ලෙසත් මහගු කාර්යභාරයක් ඉටු කරනු ලැබුවා.

රංජිත් ද සොයිසා මන්ත්‍රීවරයා රත්නපුර දිස්ත්‍රික්කය නියෝජනය කරමින් පළමු වරට පාර්ලිමේන්තුවට තේරීපත් වන්නේ 2010 වසරේ පැවති මහ මැතිවරණයේදී මනාප 47,147ක් හිමිකර ගනිමින්.

යළිත් වරක් 2015 වසරේ මහ මැතිවරණයෙන්, පාර්ලිමේන්තුවට තේරීපත් වන රංජිත් ද සොයිසා මන්ත්‍රීවරයා විටෙක පුවත් මවන්නෙකු ලෙසත් දේශපාලන කරලියේ දැවැන්ත කථිකයෙකු ලෙසත් මෙරට ජනාදරයට පත්වූ දේශපාලනඥයෙක් බවට පත්වුණා.

පැවති රෝගී තත්ත්වයක් හේතුවෙන් සිංගප්පූරුවේ රෝහලකදී මියයනවිට පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් ද සොයිසා 57 වන වියේ පසුවුණා. මෙරට පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබමින් සිටියදී ඔහුගේ තත්ත්වය අසාධ්‍ය වූ බැවින්, මන්ත්‍රීවරයාව සිංගප්පූරුවේ පෞද්ගලික රෝහලක් වෙත පසුගිය යොමු කෙරුණේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ මැදිහත්වීමෙන්. ඔහුගේ දේහය අද රාත්‍රියේ දිවයිනට රැගෙන ඒමට නියමිත බවයි රාජ්‍ය අමාත්‍ය මහින්දානන්ද අලූත්ගමගේ ප්‍රකාශ කළේ.

මේ අතර, ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ, පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් සොයිසාගේ අභාවය සම්බන්ධයෙන් ඔහුගේ පවුලේ සාමාජිකයින් වෙත සිය සංවේගය පළ කර තිබෙනවා.



Make a Comment
Make a Comment

DOWNLOAD HIRUNEWS APP ON ANDROID & APPLE
ජනපතිගේ ඉන්දීය සංචාරය
Friday, 29 November 2019 - 7:35
දෙදින නිල සංචාරයක් සඳහා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ඊයේ (28) ඉන්දියාව බලා පිටත්ව ගියා.ඒ ඉන්දීය අග්‍රාමාත්‍ය... Read More
News Image
Hiru News Programme Segments
6,309 Views
67,650 Views
24,146 Views
32,755 Views
1,037 Views
115,561 Views
Top