පාස්කු ප්‍රහාරය ගැන සොයන ජනපති කොමිසමට, අගරදගුරු හිමියන්ගෙන් අදත් පැය 3ක ප්‍රකාශයක්

Saturday, 07 December 2019 - 12:36

%E0%B6%B4%E0%B7%8F%E0%B7%83%E0%B7%8A%E0%B6%9A%E0%B7%94+%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%84%E0%B7%8F%E0%B6%BB%E0%B6%BA+%E0%B6%9C%E0%B7%90%E0%B6%B1+%E0%B7%83%E0%B7%9C%E0%B6%BA%E0%B6%B1+%E0%B6%A2%E0%B6%B1%E0%B6%B4%E0%B6%AD%E0%B7%92+%E0%B6%9A%E0%B7%9C%E0%B6%B8%E0%B7%92%E0%B7%83%E0%B6%B8%E0%B6%A7%2C+%E0%B6%85%E0%B6%9C%E0%B6%BB%E0%B6%AF%E0%B6%9C%E0%B7%94%E0%B6%BB%E0%B7%94+%E0%B7%84%E0%B7%92%E0%B6%B8%E0%B7%92%E0%B6%BA%E0%B6%B1%E0%B7%8A%E0%B6%9C%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%85%E0%B6%AF%E0%B6%AD%E0%B7%8A+%E0%B6%B4%E0%B7%90%E0%B6%BA+3%E0%B6%9A+%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B6%9A%E0%B7%8F%E0%B7%81%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A
අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් පාස්කු ඉරුදින ප්‍රහාරය සම්බන්ධයෙන් විමර්ශන සිදුකිරීම සඳහා පත්කර ඇති ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාව හමුවේ පැය 3කට ආසන්න කාලයක් සාක්ෂි ලබාදීමෙන් අනතුරුව ඉන් පිටව ගොස් තිබෙනවා.

එහි සිටින හිරු මාණ්ඩලික වාර්තාකරු සඳහන් කළේ පෙරවරු 9.30ට පමණ උන්වහන්සේ බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේ පළමු මහලේ පිහිටි කොමිෂන් සභා කාර්යාලයට පැමිණි බවයි.

ඒ අනුව අගරදගුරු හිමිපාණන් ජනාධිපති කොමිසම හමුවේ රහස්‍ය  සාක්ෂි ලබාදීම සිදුකර තිබෙනවා.

පසුව උන්වහන්සේ සාක්ෂි ලබාදීමෙන් අනතුරුව අද පස්වරු 12.20ට පමණ කොමිෂන් සභාවෙන් පිටව ගියා.

මෙම සිද්ධියට අදාළව අගරදගුරු හිමිපාණන්ගෙන් කොමිෂන් සභාව ඊයේ දිනයේදී ද පැය 4ක කාලයක් සාක්ෂි ලබා ගත්තා.

එහිදී පළමුව ප්‍රසිද්ධියේ සාක්ෂි ලබා දුන් කාදිනල් හිමිපාණන් පසුව කොමිසම හමුවේ රහසිගතව සාක්ෂි ලබාදීම ද විශේෂත්වයක්.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories