ශීත ඍතුවේ සංචාරයට සුදුසුම රටක් ලෙස ශ්‍රී ලංකාව නම් කෙරේ

Saturday, 07 December 2019 - 15:57

%E0%B7%81%E0%B7%93%E0%B6%AD+%E0%B6%8D%E0%B6%AD%E0%B7%94%E0%B7%80%E0%B7%9A+%E0%B7%83%E0%B6%82%E0%B6%A0%E0%B7%8F%E0%B6%BB%E0%B6%BA%E0%B6%A7+%E0%B7%83%E0%B7%94%E0%B6%AF%E0%B7%94%E0%B7%83%E0%B7%94%E0%B6%B8+%E0%B6%BB%E0%B6%A7%E0%B6%9A%E0%B7%8A+%E0%B6%BD%E0%B7%99%E0%B7%83+%E0%B7%81%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%93+%E0%B6%BD%E0%B6%82%E0%B6%9A%E0%B7%8F%E0%B7%80+%E0%B6%B1%E0%B6%B8%E0%B7%8A+%E0%B6%9A%E0%B7%99%E0%B6%BB%E0%B7%9A
එළඹෙන ශීත ඍතු සමයේ සංචාරය කිරීම සඳහා තෝරා ගත යුතු ලොව හොඳම රටවල් 20 අතර, පළමු ස්ථානයේ ශ්‍රී ලංකාව පසුවන බව යූ.එස්.ඒ. ටුඩේ වෙබ් අඩවිය පවසනවා.

ශ්‍රී ලංකාව එලෙස පළමු ස්ථානයට පත්ව ඇත්තේ  ඕස්ට්‍රේලියාව, නවසීලන්තය, තායිලන්තය, බ්‍රසීලය, මෙක්සිකෝව, ඉන්දුනීසියාව, එක්සත් අරාබි එමීර් රාජ්‍යය, වියට්නාමය, දකුණු අප්‍රිකාව ඇතුළු රටවල් 19 ක් අභිබවමින්.

දෙසැම්බර් සහ පෙබරවාරි අතර, කාලය තුළ යුරෝපය ඇතුළු රටවල ඇති වන අධික හිම සහිත කාලගුණ තත්ත්වය හමුවේ සංචාරකයන් උණුසුම් කාලගුණයක් ඇති රටවල සංචාරය කිරීමට පෙළඹෙනවා.

ඉන්දීය සාගරයේ පිහිටා ඇති ඉතා සුන්දර දිවයිනක් ලෙස ශ්‍රී ලංකාව හඳුන්වා ඇති යූ.එස්.ඒ. ටුඩේ වෙබ් අඩවිය, ඓතිහාසික මෙන්ම පාරිසරික වශයෙන් ද, ආකර්ශනීය ස්ථාන රැසක් ශ්‍රී ලංකාවේ පිහිටා ඇති බව සඳහන් කර තිබෙනවා.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories