පියා විසින් පැදවූ ට්‍රැක්ටරයට යටවී අවසන් ගමන් ගිය මල් කැකුළ

Saturday, 07 December 2019 - 16:17

%E0%B6%B4%E0%B7%92%E0%B6%BA%E0%B7%8F+%E0%B7%80%E0%B7%92%E0%B7%83%E0%B7%92%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B4%E0%B7%90%E0%B6%AF%E0%B7%80%E0%B7%96+%E0%B6%A7%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%90%E0%B6%9A%E0%B7%8A%E0%B6%A7%E0%B6%BB%E0%B6%BA%E0%B6%A7+%E0%B6%BA%E0%B6%A7%E0%B7%80%E0%B7%93+%E0%B6%85%E0%B7%80%E0%B7%83%E0%B6%B1%E0%B7%8A+%E0%B6%9C%E0%B6%B8%E0%B6%B1%E0%B7%8A+%E0%B6%9C%E0%B7%92%E0%B6%BA+%E0%B6%B8%E0%B6%BD%E0%B7%8A+%E0%B6%9A%E0%B7%90%E0%B6%9A%E0%B7%94%E0%B7%85
පියා විසින් පැදවූ ට්‍රැක්ටර් රථයකට යටවීමෙන් කුඩා දැරියක් ජිවිතක්ෂයට පත්වීමේ පුවතක් හබරණ, අලුත්ඔය, සිංහගම ප්‍රදේශයෙන් වාර්තා වනවා.

ඊයේ (06) සිදුවූ මෙම අනතුරෙන් ජීවිතක්ෂයට පත්ව ඇත්තේ දැරියන් තිදෙනෙකුගෙන් යුත් පවුලේ පස් හැවිරිදි බාල දැරිය බවයි ගල්ඔය පොලීසියේ ස්ථානාධිපතිවරයා පැවසුවේ.

පියා විසින් ට්‍රැක්ටර් රථය ගෙවත්තට ඇතුල් කරන අවස්ථාවේ ට්‍රැක්ටර් රථයේ පසුපස කොටසේ රැඳී සිටි දැරිය ඉන් බිමට වැටී ට්‍රැක්ටරයේ පසුපස රෝදයට යටවී මෙම අනතුර සිදුව තිබෙනවා.

අනතුරෙන් දැරියගේ හිසට බරපතළ හානි සිදුව ඇති අතර කන්තලේ මූලික රෝහලට ඇතුලත් කරන අවස්ථාවේදීත් ඇය මියගොස් ගොස් සිටි බවයි වාර්තා වන්නේ.

අනතුර සම්බන්ධයෙන් දැරියගේ පියා ගල්ඔය පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති අතර අනතුරුව ඔහු හිඟුරක්ගොඩ අධිකරණය හමුවට ඉදිරිපත් කිරිමෙන් අනතුරුව රුපියල් ලක්ෂයක ශරීර ඇපයක් මත මුදාහැර තිබෙනවා.

සිද්ධිය සම්බන්ධයෙන් ගල්ඔය පොලීසිය විසින් වැඩිදුර විමර්ශන සිදුකරනවා.



    



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories