පෙම්වතිය සහ මව ගිං ගඟට දැමූ බද්දේගම තරුණයා පහරදී ඝාතනය කෙරේ

Saturday, 07 December 2019 - 19:35

%E0%B6%B4%E0%B7%99%E0%B6%B8%E0%B7%8A%E0%B7%80%E0%B6%AD%E0%B7%92%E0%B6%BA+%E0%B7%83%E0%B7%84+%E0%B6%B8%E0%B7%80+%E0%B6%9C%E0%B7%92%E0%B6%82+%E0%B6%9C%E0%B6%9F%E0%B6%A7+%E0%B6%AF%E0%B7%90%E0%B6%B8%E0%B7%96+%E0%B6%B6%E0%B6%AF%E0%B7%8A%E0%B6%AF%E0%B7%9A%E0%B6%9C%E0%B6%B8+%E0%B6%AD%E0%B6%BB%E0%B7%94%E0%B6%AB%E0%B6%BA%E0%B7%8F+%E0%B6%B4%E0%B7%84%E0%B6%BB%E0%B6%AF%E0%B7%93+%E0%B6%9D%E0%B7%8F%E0%B6%AD%E0%B6%B1%E0%B6%BA+%E0%B6%9A%E0%B7%99%E0%B6%BB%E0%B7%9A
සිය පෙම්වතියට සහ ඇගේ මවට තවත් පිරිසක් සමග එක්ව පහරදී ගිං ගඟට තල්ලූ කිරීමේ සිද්ධියකට සම්බන්ධ ප්‍රධාන සැකකරුවෙකු පහරදීමකින් තුවාල ලබා අද අලූයම ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

පොලීසිය පැවසුවේ පහරදුන් පිරිස අතර, අදාළ තරුණිය සහ කාන්තාවගේ පවුලේ ඥාතීන් කිහිපදෙනෙකු සිටින බවයි.

ජීවිතක්ෂයට පත්ව ඇත්තේ බද්දේගම - කිරිබතාවිල ප්‍රදේශයේ පදිංචි 26 හැවිරිදි තරුණයෙක්.

ඔහු වෘත්තීයෙන් ත්‍රිරෝද රථ රියදුරෙකු වනවා.

අදාළ තරුණිය සමග මෙම පුද්ගලයා ප්‍රේම සම්බන්ධතාවක් පවත්වාගෙන ගොස් තිබූ අතර, ඊට තරුණියගේ දෙමව්පියන් අකමැත්ත පළ කිරීම හේතුවෙන් තම පෙම්වතිය සහ ඇගේ මව ඔහු ගිං ගඟට තල්ලූ කර තිබුණේ පසුගිය 2016 වසරේ මැයි මාසයේදීයි.

බද්දේගම පාලම මතින් ගිං ගඟට පැන මවගේ සහ දියණියගේ ජීවිතය බේරා ගැනීමට තරුණයින් 3 දෙනෙකු කටයුතු කලත් මවගේ ජීවිතය බේරා ගැනීමට හැකිවූයේ නැහැ.

පොලීසිය පැවසුවේ ඊට පලිගැනීමක් ලෙස ඔවුන්ගේ ඥාතීන් මෙම ඝාතනය සිදුකර ඇති බවයි.

ඊයේ රාත්‍රියේ කිරිබතාවිල ප්‍රදේශයේ හෝටලයක මෙම තරුණයා ආහාර ගනිමින් සිටියදී ඔවුන් පැමිණ මෙම පහරදීම සිදුකර තිබෙනවා.

පසුව, කරාපිටිය රෝහලට ඇතුළත් කිරීමේදී අදාළ පුද්ගලයා ජීවිතක්ෂයට පත්ව ඇති බවයි පොලීසිය වැඩිදුරටත් සඳහන් කළේ.

ඔවුන් මේ වනවිට ප්‍රදේශයෙන් පලාගොස් ඇති බව ද, අනාවරණ වී තිබෙනවා.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories