සුගතදාස හෝටලයේ සිටි ක්‍රීඩක ක්‍රීඩිකාවන් 12ක් ඇතුළු 13කට සාග් ක්‍රීඩා උළෙල අතරතුර ඩෙංගු වැළඳෙයි

Saturday, 07 December 2019 - 22:53

%E0%B7%83%E0%B7%94%E0%B6%9C%E0%B6%AD%E0%B6%AF%E0%B7%8F%E0%B7%83+%E0%B7%84%E0%B7%9D%E0%B6%A7%E0%B6%BD%E0%B6%BA%E0%B7%9A+%E0%B7%83%E0%B7%92%E0%B6%A7%E0%B7%92+%E0%B6%9A%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%93%E0%B6%A9%E0%B6%9A+%E0%B6%9A%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%93%E0%B6%A9%E0%B7%92%E0%B6%9A%E0%B7%8F%E0%B7%80%E0%B6%B1%E0%B7%8A++12%E0%B6%9A%E0%B7%8A+%E0%B6%87%E0%B6%AD%E0%B7%94%E0%B7%85%E0%B7%94+13%E0%B6%9A%E0%B6%A7+%E0%B7%83%E0%B7%8F%E0%B6%9C%E0%B7%8A+%E0%B6%9A%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%93%E0%B6%A9%E0%B7%8F+%E0%B6%8B%E0%B7%85%E0%B7%99%E0%B6%BD+%E0%B6%85%E0%B6%AD%E0%B6%BB%E0%B6%AD%E0%B7%94%E0%B6%BB+%E0%B6%A9%E0%B7%99%E0%B6%82%E0%B6%9C%E0%B7%94+%E0%B7%80%E0%B7%90%E0%B7%85%E0%B6%B3%E0%B7%99%E0%B6%BA%E0%B7%92
නේපාලයේ කත්මන්ඩු නුවර පැවැත්වෙන දකුණු ආසියානු ක්‍රීඩා උළෙලට එක්ව සිටින ශ්‍රී ලංකා කණ්ඩායමේ ක්‍රීඩක ක්‍රීඩිකාවන් පිරිසකට නොසිතූවිරු කරදරයකට මුහුණදීමට සිදුව තිබෙනවා.

ඒ ඔවුන්ට ඩෙංගු රෝගය වැළදීම හේතුවෙන්.

ඩෙංගු රෝගය වැළදීම හේතුවෙන් නේපාලයේ කත්මන්ඩු නුවරදී රෝහල් ගතකල ක්‍රීඩක ක්‍රීඩිකාවන් සංඛ්‍යාව 13ක්.

අප මේ සම්බන්ධයෙන් කත්මන්ඩු නුවර රැදී සිටින ශ්‍රී ලංකා කණ්ඩායම භාර වෛද්‍ය ලාල් ඒකනායක මහතාගෙන් විමසා සිටියා.

නේපාලයේ වෛද්‍ය ප්‍රතිකාර පිලිබඳ සෑහීමකට පත්විය නොහැකි නිසා මෙරට වෛද්‍ය වරයෙකුගේ උපදෙස් පැතීමට ශ්‍රී ලංකා බලධාරීන්ට සිදුව තිබෙනවා.

මෙම ක්‍රීඩක ක්‍රීඩිකාවන් 13 දෙනාගෙන් හත් දෙනෙකුට ඩෙංගු රෝගය වැළඳී ඇත්තේ ශ්‍රී ලංකාවේදී බව මේ වනවිට තහවරු වී තිබෙනවා.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories