%E0%B6%A2%E0%B7%8F%E0%B6%AD%E0%B7%8A%E2%80%8D%E0%B6%BA%E0%B6%B1%E0%B7%8A%E0%B6%AD%E0%B6%BB+%E0%B6%85%E0%B6%B0%E0%B7%92%E0%B6%9A%E0%B6%BB%E0%B6%AB%E0%B6%BA%E0%B6%A7+%E0%B6%BA%E0%B6%B1+%E0%B6%85%E0%B7%80%E0%B7%94%E0%B6%B1%E0%B7%8A%E0%B7%83%E0%B7%8F%E0%B6%B1%E0%B7%8A+%E0%B7%83%E0%B7%94%E0%B6%9B%E0%B7%93%E0%B6%A7+%E0%B6%B8%E0%B7%92%E0%B6%BA%E0%B6%B1%E0%B7%8A%E0%B6%B8%E0%B7%8F%E0%B6%BB+%E0%B6%A2%E0%B6%B1%E0%B6%AD%E0%B7%8F+%E0%B7%83%E0%B7%84%E0%B6%BA
Sunday, 08 December 2019 - 8:08
ජාත්‍යන්තර අධිකරණයට යන අවුන්සාන් සුඛීට මියන්මාර ජනතා සහය
3,200

Views
රොහින්ග්‍යා මුස්ලිම්වරුන් පළවා හැරි බවට එල්ලවන සමූලඝාතක චෝදනාවලට මුහුණදීම සඳහා නෙදර්ලන්තයේ හේග් නුවර වෙත යන මියන්මාර නායිකා අවුන්සාන් සුඛීට සහය පළ කිරීම සඳහා දස දහස් සංඛ්‍යාත පිරිසක් ඊයේ නීපිඩෝව් අගනුවරට රැස්වුණා.

චීන විදේශ අමාත්‍යවරයාද අවුන්සාන් සුඛීගේ ආරාධනයෙන් ඊයේ මියන්මාර අගනුවරට පැමිණ සිටි බවයි විදෙස් වාර්තා සඳහන් කළේ.

මින්මාරයට එරෙහිව හේග් නුවර ජාත්‍යන්තර අපරාධ අධිකරණයේ නඩු විභාගයක් දෙසැම්බර් 10 වනදා සිට 12 වනදා දක්වා පැවැත්වෙනවා.

ඊට මුහුණදීම සඳහා නික්මීමට පෙරයි අවුන්සාන් සුඛීට සහය පළ කිරීම සඳහා මියන්මාර ජනයා රොක්වූයේ.

කෙසේ නමුත් මියන්මාරයට එරෙහිව ජගත් සංවිධාන ආරක්ෂක මණ්ඩලයට ඉදිරිපත්වන ඕනෑම යෝජනාවක් නිෂේධ බලය යොදා පරාජය කිරීමේ හැකියාව චීනයට පවතිනවා.

මියන්මාරයේ රඛීනේ ප්‍රාන්තයේ සිටි රොහින්ග්‍යා මුස්ලිම්වරුන් හත්ලක්ෂ 44,000ක් මේ වනවිට යාබද බංග්ලාදේශයට පලාගොස් සිටිනවා.

ඔවුන්ට එරෙහිව යුද අපරාධවල නිරතවූ බවටයි මියන්මාර ආරක්ෂක අංශවලට එරෙහිව චෝදනා එල්ලවන්නේ.

කෙසේ නමුත් රොහින්ග්‍යාවරුන් බංග්ලාදේශයේ සිට තම රටට පැමිණි නීතිවිරෝධී සංක්‍රමණිකයන් ලෙසයි මියන්මාර වාසීන් හඳුන්වන්නේ.
Make a Comment
Make a Comment

DOWNLOAD HIRUNEWS APP ON ANDROID & APPLE
තබ්බෝව ගොවි ජනපදයෙන් අරුම පුදුම අඹ වර්ගයක් හමුවෙයි
Tuesday, 31 December 2019 - 11:14
පුත්තලම, තබ්බෝව ගොවි ජන පදයට අයත් තේවනුවර ගොවි ගම්මානයේ ඉතා දුර්ලභ ගණයේ අඹ වර්ගයක් හමුවී තිබෙනවා.බණ්ඩාරනායක... Read More
News Image
News Image
Hiru News Programme Segments
446 Views
74,726 Views
25,386 Views
35,363 Views
331 Views
120,003 Views
Top