සාගර ජලයේ ඔක්සිජන් හිඟවී මත්ස්‍ය සම්පත අවදානමක

Sunday, 08 December 2019 - 11:10

%E0%B7%83%E0%B7%8F%E0%B6%9C%E0%B6%BB+%E0%B6%A2%E0%B6%BD%E0%B6%BA%E0%B7%9A+%E0%B6%94%E0%B6%9A%E0%B7%8A%E0%B7%83%E0%B7%92%E0%B6%A2%E0%B6%B1%E0%B7%8A+%E0%B7%84%E0%B7%92%E0%B6%9F%E0%B7%80%E0%B7%93+%E0%B6%B8%E0%B6%AD%E0%B7%8A%E0%B7%83%E0%B7%8A%E2%80%8D%E0%B6%BA+%E0%B7%83%E0%B6%B8%E0%B7%8A%E0%B6%B4%E0%B6%AD+%E0%B6%85%E0%B7%80%E0%B6%AF%E0%B7%8F%E0%B6%B1%E0%B6%B8%E0%B6%9A
කාලගුණ වෙනස සහ පෝෂක දූෂණ හේතුවෙන් සාගර ජලයේ ඔක්සිජන් හිඟයක් ඇතිවී තිබෙන අතර, එමඟින් මත්ස්‍ය විශේෂ රැසක් මිහිපිටින් අතුරුදන්වීමේ අවදානමක් මතුව ඇති බව ලෝක සංරක්ෂණ සංවිධානය අනතුරු අඟවනවා.

සාගර ජලයේ පෝෂක ඌණවීම දශක ගණනාවක සිට දක්නට ලැබෙන නමුදු දැන් එය ඔක්සිජන් හිඟය නිසා උත්සන්න වී ඇති බවයි විද්‍යාඥයන්ගේ අදහස වී ඇත්තේ.

1960 දශකයේදී 45 ක් පමණ වූ ඌණ පෝෂිත සාගර කලාප සංඛ්‍යාව මේ වනවිට 700 දක්වා ඉහළ ගොස් තිබෙනවා.

වායුගෝලයට එක්වන කාබන්ඩයොක්සයිඞ් වලින් වැඩි ප්‍රමාණයක් සාගර මගින් අවශෝෂණය කරගන්නා නමුදු මිහිතලය උණුසුම් වීම නිසා එලෙස අවශෝෂණය කරගන්නා ප්‍රමාණය සියයට 2 කින් පමණ පහත වැටී ඇති බව අනාවරණ වී ඇති කරුණක්.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories