ආණමඩුව පොලීසියේ කොස්තාපල්වරයෙකුට පහරදුන් තුන්දෙනෙකු අත්අඩංගුවට

Monday, 09 December 2019 - 10:06

%E0%B6%86%E0%B6%AB%E0%B6%B8%E0%B6%A9%E0%B7%94%E0%B7%80+%E0%B6%B4%E0%B7%9C%E0%B6%BD%E0%B7%93%E0%B7%83%E0%B7%92%E0%B6%BA%E0%B7%9A+%E0%B6%9A%E0%B7%9C%E0%B7%83%E0%B7%8A%E0%B6%AD%E0%B7%8F%E0%B6%B4%E0%B6%BD%E0%B7%8A%E0%B7%80%E0%B6%BB%E0%B6%BA%E0%B7%99%E0%B6%9A%E0%B7%94%E0%B6%A7+%E0%B6%B4%E0%B7%84%E0%B6%BB%E0%B6%AF%E0%B7%94%E0%B6%B1%E0%B7%8A+%E0%B6%AD%E0%B7%94%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF%E0%B7%99%E0%B6%B1%E0%B7%99%E0%B6%9A%E0%B7%94+%E0%B6%85%E0%B6%AD%E0%B7%8A%E0%B6%85%E0%B6%A9%E0%B6%82%E0%B6%9C%E0%B7%94%E0%B7%80%E0%B6%A7
ආණමඩුව පොලීසියට අනුයුක්තව සේවය කරන පොලිස් කොස්තාපල්වරයෙකුට පහරදීමේ සිද්ධියක් සම්බන්ධයෙන් පුද්ගලයින් තුන්දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඊයේ රාත්‍රියේ ආණමඩුව - පරමාකන්ද ප්‍රදේශයේ පිහිටි ආපනශාලාවකදී මෙම පහරදීම සිදුවී ඇති බවයි පොලීසිය සඳහන් කළේ.

අදාළ කොස්තාපල්වරයා තවත් කොස්තාපල්වරයෙකු සමඟ රාත්‍රී ආහාර ගැනීම සඳහා එම ආපනශාලාවට ගොස් ඇති අතර, එම ස්ථානයේ සිටි පුද්ගලයින් තුන්දෙනෙකු විසින් මෙම පහරදීම සිදුකර තිබෙනවා.

අත්අඩංගුවට ගත් ඔවුන් අධික ලෙස මත්පැන් පානය කර සිට ඇති බවටයි අනාවරණ වී ඇත්තේ.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories