මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ට මරණ දඬුවම දීම වැළැක්වීමේ අතුරු තහනම යළි දීර්ඝ කෙරේ

Monday, 09 December 2019 - 10:45

%E0%B6%B8%E0%B6%AD%E0%B7%8A%E0%B6%AF%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%80%E0%B7%8A%E2%80%8D%E0%B6%BA+%E0%B6%A2%E0%B7%8F%E0%B7%80%E0%B7%8F%E0%B6%BB%E0%B6%B8%E0%B7%8A%E0%B6%9A%E0%B6%BB%E0%B7%94%E0%B7%80%E0%B6%B1%E0%B7%8A%E0%B6%A7+%E0%B6%B8%E0%B6%BB%E0%B6%AB+%E0%B6%AF%E0%B6%AC%E0%B7%94%E0%B7%80%E0%B6%B8+%E0%B6%AF%E0%B7%93%E0%B6%B8+%E0%B7%80%E0%B7%90%E0%B7%85%E0%B7%90%E0%B6%9A%E0%B7%8A%E0%B7%80%E0%B7%93%E0%B6%B8%E0%B7%9A+%E0%B6%85%E0%B6%AD%E0%B7%94%E0%B6%BB%E0%B7%94+%E0%B6%AD%E0%B7%84%E0%B6%B1%E0%B6%B8+%E0%B6%BA%E0%B7%85%E0%B7%92+%E0%B6%AF%E0%B7%93%E0%B6%BB%E0%B7%8A%E0%B6%9D+%E0%B6%9A%E0%B7%99%E0%B6%BB%E0%B7%9A
මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ට මරණ දඬුවම ලබාදීම වලක්වාලමින් ලබාදී තිබෙන අතුරු තහනම ලබන වසරේ මාර්තු මස 20 වනදා දක්වා යලි දීර්ඝ කර තිබෙනවා.

ඒ, මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ට මරණ දඬුවම ක්‍රියාත්මක කිරීම වැළැක්වීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා ගොනු කර තිබූ මූලික අයිතිවාසිකම් පෙත්සම් 15ව විජිත් මළල්ගොඩ, ගාමිණී අමරසේකර, මූර්දු ප්‍රනාන්දු, එස්. තුරෙයිරාජා යන ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල හමුවේ අද කැදවූ අවස්ථාවේදියි.

එහිදී විනිසුරු මඩුල්ල නියම කළේ මෙම කරුණට අදාළව ඉදිරිපත් කර තිබෙන පෙත්සම් සියල්ල සලකා බැලීම ලබන වසරේ මාර්තු මස 17,18 සහ 19 යන දිනවල සිදු කරන බවටයි.

එමෙන්ම අදාළ පෙත්සම්වල වගඋත්තරකරුවන් ලෙස නම් කර තිබෙන පුද්ගලයින්ගේ වෙනස්කම් සිදුවී ඇති බැවින් ඒවාද සංශෝධනය කර මීළඟ නඩු දිනයට පෙර ඉදිරිපත් කරන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල පෙත්සම්කාර පාර්ශවයට නියම කළා.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories