මැදපෙරදිග රටවල තානාපතිවරු ජනපති හමුවෙති

Monday, 09 December 2019 - 13:03

%E0%B6%B8%E0%B7%90%E0%B6%AF%E0%B6%B4%E0%B7%99%E0%B6%BB%E0%B6%AF%E0%B7%92%E0%B6%9C+%E0%B6%BB%E0%B6%A7%E0%B7%80%E0%B6%BD+%E0%B6%AD%E0%B7%8F%E0%B6%B1%E0%B7%8F%E0%B6%B4%E0%B6%AD%E0%B7%92%E0%B7%80%E0%B6%BB%E0%B7%94+%E0%B6%A2%E0%B6%B1%E0%B6%B4%E0%B6%AD%E0%B7%92+%E0%B7%84%E0%B6%B8%E0%B7%94%E0%B7%80%E0%B7%99%E0%B6%AD%E0%B7%92
මැද පෙරදිග තානාපතිවරුන්ගේ සංසදය නියෝජනය කරන රටවල තානාපතිවරුන් අද (09) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ හමු විය.

නව රජයට මැද පෙරදිග රටවල සහයෝගය සෑමවිටම ලැබෙන බවත් ආර්ථික මෙන්ම සංස්කෘතික කටයුතු සඳහා ඉදිරියේදී ශ්‍රී ලංකාවට සහයෝගය ලබාදීමට බලාපොරොත්තු වන බවත් තානාපතිවරුන් මෙම හමුවේදී පැවසීය.

එමෙන්ම ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා වෙත සිය සුභාශීංසන පළ කළ තානාපතිවරු ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ නායකත්වය යටතේ ශ්‍රී ලංකාව සහ තම රටවල් අතර සබඳතා සෑම අතින්ම ශක්තිමත් කර ගැනීමට කැපන බවට ද සහතික වූහ.

පලස්තීනය, ඊජිප්තුව, කුවේට්, ඕමාන්, ඉරාකය ලිබියාව හා කටාර් යන රටවල්වල් නියෝජනය කරමින් ශ්‍රී ලංකාවේ සිටින තානාපතිවරු මෙම හමුවට එක් වූහ.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories