නවසීලන්ත ගිනි කඳු පිපිරීමෙන් තවත් ජීවිත හානි

Monday, 09 December 2019 - 15:05

%E0%B6%B1%E0%B7%80%E0%B7%83%E0%B7%93%E0%B6%BD%E0%B6%B1%E0%B7%8A%E0%B6%AD+%E0%B6%9C%E0%B7%92%E0%B6%B1%E0%B7%92+%E0%B6%9A%E0%B6%B3%E0%B7%94+%E0%B6%B4%E0%B7%92%E0%B6%B4%E0%B7%92%E0%B6%BB%E0%B7%93%E0%B6%B8%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%AD%E0%B7%80%E0%B6%AD%E0%B7%8A+%E0%B6%A2%E0%B7%93%E0%B7%80%E0%B7%92%E0%B6%AD+%E0%B7%84%E0%B7%8F%E0%B6%B1%E0%B7%92
නවසීලන්තයේ - වකාරි හෙවත් සුදු දිවයින් ගිනි කන්ද පිපිරීමෙන්, අවම වශයෙන් පුද්ගලයන් 5 දෙනෙකු ජීවිතක්ෂයට පත්වී තිබෙනවා.

පිපිරීමට ලක්වන විට ගිනි කදු ආවාටයේ ඇවිදිමින් සිටි පිරිසක් මෙලෙස අනතුරට ලක්වන්නට ඇති බවයි විශ්වාස කෙරෙන්නේ.

තවත් පිරිසක් අතුරුදන්වී ඇති බව ද, නවසීලන්ත බලධාරින් ප්‍රකාශ කළා.

පොලීසිය සදහන් කරන පරිදි පුද්ගලයන් 23 දෙනෙකු මුදා ගෙන ඇති අතර, පවතින තත්ත්වය මත ජිවිතාරක්ෂක මෙහෙයුම දුෂ්කරවී තිබෙනවා.

වකාරි ගිනි කන්ද නවසීලන්තයේ වඩාත් සක්‍රිය ගිනි කන්දක් ලෙසයි සැලකෙන්නේ.

කෙසේ නමුත්, පෞද්ගලික අයිතිය සහිත දිවයිනක පිහිටි මෙම ගිනි කන්ද නැරඹීමට සංචාරකයන් නිරන්තරයෙන් පැමිණෙන බව සදහන්.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories