Update+-+%E0%B6%85%E0%B6%BD%E0%B7%94%E0%B6%AD%E0%B7%8A%E0%B6%9C%E0%B6%B8+%E0%B7%84%E0%B7%92%E0%B6%BB%E0%B7%94+%E0%B6%B8%E0%B7%8F%E0%B6%B0%E0%B7%8A%E2%80%8D%E0%B6%BA%E0%B7%80%E0%B7%9A%E0%B6%AF%E0%B7%93%E0%B6%BA%E0%B7%8F%E0%B6%A7%2C%E0%B6%B4%E0%B7%84%E0%B6%BB+%E0%B6%AF%E0%B7%93%E0%B6%B8%E0%B7%9A+%E0%B7%83%E0%B7%92%E0%B6%AF%E0%B7%8A%E0%B6%B0%E0%B7%92%E0%B6%BA%E0%B6%A7+%E0%B6%87%E0%B6%BD%E0%B7%8A%E0%B6%BD%E0%B7%94+05+%E0%B6%AF%E0%B7%99%E0%B6%B1%E0%B7%8F+%E0%B6%85%E0%B6%B0%E0%B7%92%E0%B6%9A%E0%B6%BB%E0%B6%AB%E0%B6%BA%E0%B6%A7
Tuesday, 10 December 2019 - 8:33
Update - අලුත්ගම හිරු මාධ්‍යවේදීයාට,පහර දීමේ සිද්ධියට ඇල්ලු 05 දෙනා අධිකරණයට
876

Views
අලුත්ගම හිරු මාධ්‍යවේදී තුසිත කුමාර ද සිල්වාට සහ ඔහුගේ බිරිඳට පහරදීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සැකකරුවන් 5 දෙනා කළුතර මහේස්ත්‍රාත් අධිකරණය වෙත රැගෙනවිත් තිබෙනවා.

මෙම සැකකරුවන් පහරදීම සිදුකළ දිනයේ ප්‍රදේශය අතහැර පළා ගොස් ඇති අතර, පසුව සිදුකළ විමර්ශනවලදි තිස්සමහාරාම සහ මතුගම ප්‍රදේශවල රැදී සිටියදී අත්අඩංගුවට ගත් බවයි පොලීසියේ ජ්‍යෙෂ්ඨ ප්‍රකාශකයෙකු හිරු ප්‍රවෘත්ති අංශයට සඳහන් කළේ.

මාධ්‍යවේදී තුසිත කුමාර ද සිල්වාට සහ ඔහුගේ බිරිඳට පසුගිය 6 වනදා පහර දී තිබුණේ පොලිස් විශේෂ කාර්ය බලකාය පසුගිය ඔක්තෝම්බර් මස සිදුකළ කෘත්‍රිම රා නිපදවීමේ ස්ථානයක් වැටලීම සම්බන්ධයෙන් සිදුකළ අනාවරණයක් මුල් කරගනිමින්.

එම වැටලීම වාර්තා කිරීම සම්බන්ධයෙන් ප්‍රාදේශිය මාධ්‍යවේදියාට බැන තර්ජනය කරමින් මෙම පහරදීම සිදුකර තිබෙනවා.

සිද්ධියෙන් තුවාල ලැබූ තුසිත කුමාර ද සිල්වා සහ ඔහුගේ බිරිඳ නාගොඩ රෝහලට ඇතුළත් කෙරුණු අතර, බිරිඳ නේවාසිකව ප්‍රතිකාර ලබා ගැනීමෙන් පසුව මේ වනවිට පිටව ගොස් ඇති බව සඳහන්.

කෙසේ වෙතත්, මාධ්‍යවේදී තුසිත කුමාර ද සිල්වා තවමත් නාගොඩ රෝහලේ ප්‍රතිකාර ලබනවා.

ඔහුට පහරදුන් සැකකරුවන් අත්අඩංගුවට ගන්නා ලෙස බල කරමින් පෙරේදා දිනයේදී අලුත්ගම පොලීසිය ඉදිරිපිට ප්‍රාදේශීය මාධ්‍යවේදීන්ගේ එකමුතුව විරෝධතාවයක් ද පැවැත්වුවා.


Update :- Tuesday, December 10, 2019, 1.11PM
--------------------------------------------------------------------------

අලුත්ගම හිරු මාධ්‍යවේදියාට පහරදීමේ සිද්ධියට පස්දෙනෙක් අත්අඩංගුවට

අලුත්ගම හිරු ප්‍රාදේශීය මාධ්‍යවේදී තුසිත කුමාර ද සිල්වාට සහ ඔහුගේ බිරිඳට පහරදීමේ සිද්ධිය සම්බන්ධයෙන් 5 දෙනෙකු පොලීසිය අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඔවුන් ඊයේ (09) මෙලෙස අත්අඩංගුවට ගෙන ඇති අතර, මේ වන විට ඔවුන්ගෙන් ප්‍රකාශ සටහන් කර ගනිමින් සිටින බවටයි වාර්තා වන්නේ.

මාධ්‍යවේදී තුසිත කුමාර ද සිල්වාට සහ ඔහුගේ බිරිඳට පසුගිය 6 වනදා පහර දී තිබුණේ පොලිස් විශේෂ කාර්ය බලකාය පසුගිය ඔක්තෝම්බර් මස සිදුකළ කෘත්‍රිම රා නිපදවීමේ ස්ථානයක් වැටලීම සම්බන්ධයෙන් සිදුකළ අනාවරණයක් මුල් කරගනිමින්.

එම වැටලීම වාර්තා කිරීම සම්බන්ධයෙන් ප්‍රාදේශිය මාධ්‍යවේදියාට බැන තර්ජනය කරමින් මෙම පහරදීම සිදුකර ඇති බවයි වාර්තාවන්නේ. සිද්ධියෙන් තුවාල ලැබූ තුසිත කුමාර ද සිල්වා මේ වනවිට නාගොඩ රෝහලේ ප්‍රතිකාර ලබනවා.

Make a Comment
Make a Comment

DOWNLOAD HIRUNEWS APP ON ANDROID & APPLE
තබ්බෝව ගොවි ජනපදයෙන් අරුම පුදුම අඹ වර්ගයක් හමුවෙයි
Tuesday, 31 December 2019 - 11:14
පුත්තලම, තබ්බෝව ගොවි ජන පදයට අයත් තේවනුවර ගොවි ගම්මානයේ ඉතා දුර්ලභ ගණයේ අඹ වර්ගයක් හමුවී තිබෙනවා.බණ්ඩාරනායක... Read More
News Image
News Image
Hiru News Programme Segments
446 Views
75,481 Views
25,537 Views
35,645 Views
14 Views
120,441 Views
Top