නවකයන්ට සහය වන්නැයි ලෝක විවාහක රූ රැජීන ඉල්ලයි

Tuesday, 10 December 2019 - 13:07

%E0%B6%B1%E0%B7%80%E0%B6%9A%E0%B6%BA%E0%B6%B1%E0%B7%8A%E0%B6%A7+%E0%B7%83%E0%B7%84%E0%B6%BA+%E0%B7%80%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1%E0%B7%90%E0%B6%BA%E0%B7%92+%E0%B6%BD%E0%B7%9D%E0%B6%9A+%E0%B7%80%E0%B7%92%E0%B7%80%E0%B7%8F%E0%B7%84%E0%B6%9A+%E0%B6%BB%E0%B7%96+%E0%B6%BB%E0%B7%90%E0%B6%A2%E0%B7%93%E0%B6%B1+%E0%B6%89%E0%B6%BD%E0%B7%8A%E0%B6%BD%E0%B6%BA%E0%B7%92
ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ජාත්‍යන්තර තරඟවලට සහභාගි වන තරඟකරුවන්ට මනා සහයක් ලබාදෙන්නැයි ලෝක විවාහක රූ රැජිණ ලෙස කිරුළු පැළදි, කැරොලින් ජූරි ඉල්ලා සිටිනවා.

ඇය මේ බව කියා සිටියේ එම කිරුළ දිනා ගැනීමෙන් අනතුරුව අද (10) දිවයිනට පැමිණ කොළඹ පැවති විශේෂ මාධ්‍ය හමුවට එක්වෙමින්.

අලුයම 2.45ට දෝහා සිට පැමිණි කටාර් ගුවන් සේවයට අයත් කිව්.ආර්. 662 දරණ යානයෙන් ඇය ශ්‍රී ලංකාවට පැමිණියා.

ඇයව පිළිගැනීම සඳහා කටුනායක ගුවන්තොටුපළට පවුලේ ඥාතීන්, රූපලාවන්‍ය ක්ෂේත්‍රයේ ඇතුළු විශාල පිරිසක් එක්ව සිටියා.

පසුව පෙරවරු 7ට පමණ ගුවන් තොටුපළින් පිටතට පැමිණි ඇය විශේෂ රිය පෙරහරකින් කොළඹ බලා කැදවාගෙන පැමිණි අතර එහිදී ද ස්ථාන කිහිපයකදී විශේෂ පිළිගැනීම් සංවිධාන කර තිබුණා.

ඉන් අනතුරුවයි කැරොලින් ජූරි කොළඹ ප්‍රධාන පෙළේ හෝටලයක සංවිධාන කර තිබූ මාධ්‍ය හමුවට එක් වූ අතර එම අවස්ථාවට අවුරුදු දෙකක් වයසැති සිය කුඩා දියණියද රැගෙන සහභාගිවීම විශේෂත්වයක්.

පසුගිය සිකුරාදා රාත්‍රියේ ඇමරිකා එක්සත් ජනපදයේ ලාස්වේගාස් හි පැවති ලෝක විවාහක රූ රැජිණ තරඟයේදී ඇය මෙම කිරුළ ජයග්‍රහණය කළේ ලොව පුරා විවාහක රූ රැජිණියන් 50 දෙනෙකු අභිබවමින්.

ඒ, 1984 වසරේ පැවති ප්‍රථම විවාහක ලෝක රූ රැජිණ තරගාවලිය රෝසි සේනානායක ජයග්‍රහණය කිරීමෙන් පසු එනම්, වසර 35කට පසුවයි.

27 වන වියේ පසුවන කැරොලින් ජූරි වත්තල - මහබාගේ ප්‍රදේශයේ පදිංචිකාරිනියක්.

නිශාන්ත දීපාල් සමඟ විවාහ වී සිටින ඇය බොහෝ කලක් ජීවත්ව ඇත්තේ ද ඩුබායි රාජ්‍යයේයි.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories