අදත් දෙවරක් CIDයට පැමිණි ස්විස් තානාපති කාර්යාල නිලධාරිනිය පිටව යයි - සබඳකම් ගැනත් හෙළිදරව්වක්

Tuesday, 10 December 2019 - 19:07

%E0%B6%85%E0%B6%AF%E0%B6%AD%E0%B7%8A+%E0%B6%AF%E0%B7%99%E0%B7%80%E0%B6%BB%E0%B6%9A%E0%B7%8A+CID%E0%B6%BA%E0%B6%A7+%E0%B6%B4%E0%B7%90%E0%B6%B8%E0%B7%92%E0%B6%AB%E0%B7%92+%E0%B7%83%E0%B7%8A%E0%B7%80%E0%B7%92%E0%B7%83%E0%B7%8A+%E0%B6%AD%E0%B7%8F%E0%B6%B1%E0%B7%8F%E0%B6%B4%E0%B6%AD%E0%B7%92+%E0%B6%9A%E0%B7%8F%E0%B6%BB%E0%B7%8A%E0%B6%BA%E0%B7%8F%E0%B6%BD+%E0%B6%B1%E0%B7%92%E0%B6%BD%E0%B6%B0%E0%B7%8F%E0%B6%BB%E0%B7%92%E0%B6%B1%E0%B7%92%E0%B6%BA+%E0%B6%B4%E0%B7%92%E0%B6%A7%E0%B7%80+%E0%B6%BA%E0%B6%BA%E0%B7%92+-+%E0%B7%83%E0%B6%B6%E0%B6%B3%E0%B6%9A%E0%B6%B8%E0%B7%8A+%E0%B6%9C%E0%B7%90%E0%B6%B1%E0%B6%AD%E0%B7%8A+%E0%B7%84%E0%B7%99%E0%B7%85%E0%B7%92%E0%B6%AF%E0%B6%BB%E0%B7%80%E0%B7%8A%E0%B7%80%E0%B6%9A%E0%B7%8A
පැහැර ගැනීමට ලක්වූ බව කියන මෙරට ස්විස්ටර්ලන්ත තානාපති කාර්යාලයේ දේශීයව බඳවාගත් නිලධාරිනියක වන ගානියා බැනිස්ටර් ෆ්‍රැන්සිස් ප්‍රකාශ ලබාදීම සඳහා අද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට දෙවරක් පැමිණි අතර,  වෛද්‍ය පරීක්ෂණයක් සඳහා කොළඹ අධිකරණ වෛද්‍ය නිලධාරී කාර්යාලය වෙතද රැගෙන ගියා.

කිසියම් පිරිසක් විසින් පැහැරගැනුනු බව පැවසුණු මෙම කාන්තාව ඊයේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පෙනී සිටියේ දෙවන දිනයටයි.

එහිදී වෛද්‍ය පරීක්ෂණයක් සඳහා ඇය කොළඹ අධිකරණ වෛද්‍ය නිලධාරීවරයා වෙත යොමු කිරීමටද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පියවර ගත්තා.

අනතුරුව ඇය යළිත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට රැගෙන ආ අතර, ඇය වෙනුවෙන් පෙනී සිටි නීතීඥයින් අතර රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්‍ෂ නීතීඥ සුදර්ශන ගුණවර්ධන සිටින ආකාරයක්ද දක්නට ලැබුණා.

ඊයේ දිනයේදී පැය 5 ක පමණ කාලයක් ප්‍රකාශ සටහන් කරගැනීමෙන් අනතුරුව ගානියා බැනිස්ටර් රාත්‍රී 10 ට පමණ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් පිටව ගියා.

නැවත අද පෙරවරු 9.15 ට පමණ ප්‍රකාශ ලබාදීම සඳහා ඇය යළි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණියේ ස්විට්සර්ලන්ත තානාපති කාර්යාලයට අයත් රථයකින්.

පස්වරු 1.30 පමණ වනතෙක් ප්‍රකාශ සටහන් කරගත් ගානියා බැනිස්ටර් ප්‍රැන්සිස් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් විසින් වෛද්‍ය පරීක්ෂණයක් සඳහා කොළඹ අධිකරණ වෛද්‍ය නිලධාරීවරයා වෙත යොමුකළා.

ඒ අනුව පස්වරු දෙකට පමණ ගානියා බැනිස්ටර් කොළඹ අධිකරණ වෛද්‍ය නිලධාරී කාර්යාලයට රැගෙන ආ බවයි එහි සිටි හිරු වාර්තාකරු සඳහන් කළේ.

ඊයේ දිනයේ ඇය කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත්වරිය හමුවට ඉදිරිපත් කළ අවස්ථාවේදී මහේස්ත්‍රාත්වරිය නියෝග කළේ අදාළ තැනැත්තිය කිසියම් පහරදීමකට හෝ ලිංගික අපයෝජනයකට ලක්වී ඇත්ද යන්නත්, ඇය මෙම අවස්ථාවේ කිසියම් මානසික පීඩනයකින් පසුවන්නේද යන්නත් පරීක්ෂා කර වාර්තාවක් සපයන ලෙසයි.

වෛද්‍ය පරීක්ෂණයෙන් අනතුරුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් විසින් ගානියා බැනිස්ටර් ප්‍රැන්සිස් පස්වරු 4.15 ට පමණ ඉන් පිටතට රැගෙන එනු ලැබුවා.

අනතුරුව යළිත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත ඇය රැගෙන යාමට එම නිලධාරීන් කටයුතු කළ අතර, පස්වරු 4.30ට පමණ ඇය යළිත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත රැගෙන ආ බවයි හිරු වාර්තාකරු සඳහන් කළේ.

ඒ අනුව ඇය යළිත් වරක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ප්‍රකාශයක් ලබාදී පස්වරු 5.30 ට පමණ ඉන් පිටව ගිය බව හිරු වාර්තාකරු සඳහන් කළා.

මේ අතර ගානියා බැනිස්ටර් ප්‍රැන්සිස් පෙරේදා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවට පැමිණි අවස්ථාවේදී මංජුල පෙරේරා නම් පුද්ගලයෙකු එම ස්ථානයේ සිටි මාධ්‍යවේදීන්ට සඳහන් කර තිබුණේ කොළඹ බාන්ස් පෙදෙසේ පිහිටි නිවසක් වෙත පැමිණෙන ලෙසයි.

බැනිස්ටර් ප්‍රැන්සිස් විසින්  එහිදී මාධ්‍ය වෙත ප්‍රකාශයක් ලබාදෙන බවද අදාළ පුද්ගලයා එහිදී පවසා තිබුණා.  

කෙසේ වෙතත් හිරු ප්‍රවෘත්ති කණ්ඩායම සහ තවත් මාධ්‍යවේදින් පිරිසක් ඊයේ දිනය පුරා එම ස්ථානයේ රැඳී සිටියත්, ගානියා බැනිස්ටර් හෝ මංජුල පෙරේරා එහි පැමිණියේ නැහැ.

මේ අතර අදාළ නිවසේ හිමිකාරිනිය මේ වනවිට  ඕස්ට්‍රේලියාවේ පදිංචිව සිටින අතර, ඇය හිරු ප්‍රවෘත්ති අංශය අමතමින් සඳහන් කළේ තමන් එම නිවස පසුගිය වසරේ පෙබරවාරි මාසයේදී මංජුල පෙරේරාගේ බිරිඳගෙන් මිලදී ගත් බවයි.

මාධ්‍ය නොමග යැවූ මංජුල පෙරේරා නම් පුද්ගලයා ගානියා බැනිස්ටර් ප්‍රැන්සිස්ගේ සමීපතමයෙකු බව මේ වනවිට වාර්තාවී තිබෙනවා. එහෙත් ගානියා බැනිස්ටර්, මංජුල පෙරේරාගේ බිරිඳ බව මෙතෙක් නිශ්චිතව තහවුරු වී නැහැ.

මේ අතර මංජුල පෙරේරා නැමැත්තා තම පුත්‍රයෙකු බව එක්සත් ජාතික පක්ෂයේ කැළණිය හිටපු ආසන සංවිධායක බෙවන් පෙරේරා අප කළ විමසීමකදී තහවුරු කළා.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories