රට දිනවන්න උදව් කරන්න - ලෝක විවාහක රූ රැජින

Tuesday, 10 December 2019 - 20:30

%E0%B6%BB%E0%B6%A7+%E0%B6%AF%E0%B7%92%E0%B6%B1%E0%B7%80%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1+%E0%B6%8B%E0%B6%AF%E0%B7%80%E0%B7%8A+%E0%B6%9A%E0%B6%BB%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1+-+%E0%B6%BD%E0%B7%9D%E0%B6%9A+%E0%B7%80%E0%B7%92%E0%B7%80%E0%B7%8F%E0%B7%84%E0%B6%9A+%E0%B6%BB%E0%B7%96+%E0%B6%BB%E0%B7%90%E0%B6%A2%E0%B7%92%E0%B6%B1
ලෝක විවාහක රූ රැජින කිරැළ වෙත යාමට තමන් හට දැඩි දුෂ්කරතා විදීමට සිදුවූ බවත් මින් ඉදිරියට මෙවන් ජාත්‍යාන්තර තරඟවලට සහභාගීවන තරඟකරුවන් හට ශ්‍රී ලාංකිකයන් වශයෙන් එක්ව සහයෝගය දිය යුතු බවත් මෙවර විවාහක රූ රැජින කිරුල හිමිකර ගත් කැරොලයින් ජූරි මහත්මිය පවසනවා.

අද පෙරවරුවේ දිවයිනට පැමිණි ඇය කොළඹදී ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින් මෙම අදහස් පළ කළා.

ඇමරිකාවේ ලාස්වේගාස්හී පැවති 2020 ලෝක විවාහක රූ රැජින කිරුළ මෙරටට හිමිකර දීමට ශ්‍රී ලංකාව නියෝජනය කරමින් තරඟවැදුණු කැරොලයින් ජූරි සමත් වුණා.

වසර 35 කට පසුව ලෝක විවාහක රූ රැජින කිරුල ශ්‍රී ලංකාවට හිමිකර දුන් 27 හැවිරිදි එක්දරු මවක් වන කැරොලයින් අද අළුයම දිවයිනට පැමිණියා.

අනතුරුව ගුවන්තොටුපළේ සිට විශේෂ රිය පෙරහැරකින් ඇය කොළඹට පැමිණි අතර මඟ දෙපස සිටි ජනතාවගෙන් ඇයට උණුසුම් ප්‍රතිචාර හිමිවුණා.

පසුව කොළඹදී ප්‍රවෘත්ති සාකච්ඡාවක් පවත්වමින් මෙම කිරුළ දිනාගැනීමට යන ගමනේදී ඇය විදි දුෂ්කරතාවයන් පිළිබදව මෙලෙස අදහස් පලකළා.








Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories