සුඛී එක්සත් ජාතීන්ගේ ජාත්‍යන්තර අධිකරණයේ පෙනී සිටී

Thursday, 12 December 2019 - 8:09

%E0%B7%83%E0%B7%94%E0%B6%9B%E0%B7%93+%E0%B6%91%E0%B6%9A%E0%B7%8A%E0%B7%83%E0%B6%AD%E0%B7%8A+%E0%B6%A2%E0%B7%8F%E0%B6%AD%E0%B7%93%E0%B6%B1%E0%B7%8A%E0%B6%9C%E0%B7%9A+%E0%B6%A2%E0%B7%8F%E0%B6%AD%E0%B7%8A%E2%80%8D%E0%B6%BA%E0%B6%B1%E0%B7%8A%E0%B6%AD%E0%B6%BB+%E0%B6%85%E0%B6%B0%E0%B7%92%E0%B6%9A%E0%B6%BB%E0%B6%AB%E0%B6%BA%E0%B7%9A+%E0%B6%B4%E0%B7%99%E0%B6%B1%E0%B7%93+%E0%B7%83%E0%B7%92%E0%B6%A7%E0%B7%93
මියන්මාර නායිකා අවුන්සාන් සුඛී එක්සත් ජාතීන්ගේ ජාත්‍යන්තර අධිකරණය හමුවේ පෙනී සිට තිබෙනවා. ඒ, රොහින්ග්‍යා සරණාගත ගැටළුව සම්බන්ධයෙන් කරුණු දැක්වීම සඳහායි.

රොහින්ග්‍යා සරණාගතයන්ට එරෙහිව යුද අපරාධ සිදුකළ බවටයි මියන්මාරයට චෝදනා එල්ලවී ඇත්තේ.

මේ සම්බන්ධයෙන් ජාත්‍යන්තර අධිකරණයට පැමිණිලි කොට ඇත්තේ මුස්ලිම් ජනතාව බහුතරයක් වෙසෙන කුඩා අප්‍රිකානු රටක් වන ගැම්බියාව විසින්. මෙහිදී අවුන්සාන් සුඛී ප්‍රකාශ කර ඇත්තේ ඉදිරිපත් කළ චෝදනා සියල්ල අසම්පූර්ණ සහ වැරදි සහගත බවයි.

එය මියන්මාරයේ අභ්‍යන්තර ගැටළුවක් බවත් කිසිවෙකු හෝ වැරදි සිදුකර ඇත්නම් ඊට දඬුවම් පැමිණවීමටද තමන් සූදානම් බවත් ඇය ප්‍රකාශ කර තිබෙනවා.

මියන්මාරයේ රඛීනේ ප්‍රාන්තයේ සිටි රොහින්ග්‍යා මුස්ලිම්වරුන් හත්ලක්ෂ 44,000ක් මේ වනවිට යාබද බංග්ලාදේශයට පලාගොස් සිටිනවා.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories