වසර 10 කට පසු විරළ සූර්යග්‍රහණයක්

Thursday, 12 December 2019 - 12:58

%E0%B7%80%E0%B7%83%E0%B6%BB+10+%E0%B6%9A%E0%B6%A7+%E0%B6%B4%E0%B7%83%E0%B7%94+%E0%B7%80%E0%B7%92%E0%B6%BB%E0%B7%85+%E0%B7%83%E0%B7%96%E0%B6%BB%E0%B7%8A%E0%B6%BA%E0%B6%9C%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%84%E0%B6%AB%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A
වසර 10 කට පසු විරල ගණයේ වළයාකාර සූර්යග්‍රහණයක් මේ මස 26 වනදා ශ්‍රී ලංකා වාසීන්ට දැකබලාගැනීමට අවස්ථාව උදාවනවා.

ආතර් සී. ක්ලාක් මධ්‍යස්ථානයේ තාරකා විද්‍යා අංශයේ පරීක්ෂණ විද්‍යාඥ ජනක අඩස්සූරිය හිරු ප්‍රවෘත්ති අංශය කළ විමසීමකදී කියා සිටියේ මෙම වළයාකාර සූර්යග්‍රහණය පූර්ණ වශයෙන් මන්නාරමට ඉහළ ප්‍රදේශවලට දිස්වන බවයි.

එමෙන්ම මෙම වළයාකාර සූර්යග්‍රහණය, අර්ධ වළයාකාර සූර්යග්‍රහණයක් ලෙසයි දකුණු පළාතට නිරීක්ෂණය වන්නේ.

මෙම සූර්යග්‍රහණය සිදුවන අවස්ථාව කිසිසේත් පියවි ඇසින් නිරීක්ෂණය කිරීම සිදු නොකළ යුතු බවද ඔහු කියා සිටියා.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories