හැඳුනුම්පත් අයදුම්පත්‍රයෙන් සොයාගත් කලක සිට අතුරුදන්ව සිටි කාන්තාව

Thursday, 12 December 2019 - 16:10

%E0%B7%84%E0%B7%90%E0%B6%B3%E0%B7%94%E0%B6%B1%E0%B7%94%E0%B6%B8%E0%B7%8A%E0%B6%B4%E0%B6%AD%E0%B7%8A+%E0%B6%85%E0%B6%BA%E0%B6%AF%E0%B7%94%E0%B6%B8%E0%B7%8A%E0%B6%B4%E0%B6%AD%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B6%BA%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B7%83%E0%B7%9C%E0%B6%BA%E0%B7%8F%E0%B6%9C%E0%B6%AD%E0%B7%8A+%E0%B6%9A%E0%B6%BD%E0%B6%9A+%E0%B7%83%E0%B7%92%E0%B6%A7+%E0%B6%85%E0%B6%AD%E0%B7%94%E0%B6%BB%E0%B7%94%E0%B6%AF%E0%B6%B1%E0%B7%8A%E0%B7%80+%E0%B7%83%E0%B7%92%E0%B6%A7%E0%B7%92+%E0%B6%9A%E0%B7%8F%E0%B6%B1%E0%B7%8A%E0%B6%AD%E0%B7%8F%E0%B7%80
වසර දෙකකට පමණ පෙර සිට අතුරුදහන් ව සිටි දෙදරු මවක් සිය හැඳුනුම්පත නැවත ලබාගැනීමට යාමේදී හසුවීමේ පුවතක් පුජාපිටිය ප්‍රදේශයෙන් වාර්තා වෙනවා.

පූජාපිටිය ප්‍රදේශයේ පදිංචි දෙදරු මවක් මීට වසර දෙකකට පමණ පෙර අතුරුදහවන් ව ඇති අතර මෙම අතුරුදන්වීම සම්බන්ධයෙන් ඇයගේ සැමියා විසින් කළ පැමිණිල්ලකට අනුව පොලීසිය ඇයව සොයා විමර්ශන දියත් කර තිබෙනවා.

කෙසේ වෙතත් දැඩි පරිශ්‍රමයක් දැරුවද ඇයව සොයාගැනීමට හැකියාව ලැබී නැහැ.

මෙම කාන්තාවගේ අතුරුදන්වීම සම්බන්ධයෙන් පොලිසිය විසින් විවිධ ආයතන දැනුවත් කර ඇති අතර පුද්ගලයින් ලියාපදිංචි කිරිමේ දෙපාර්තමේන්තුවට ද මේ සම්බන්ධයෙන් දැනුවත් කර ඇති බව සඳහන්.

කෙසේ වෙතත් පසුගිය දිනක කාන්තාවක් විසින් අනුරාධපුර දිස්ත්‍රික්කයේ නොච්චියාගම ප්‍රදේශයෙන් හැඳුනුම්පතක් ලබාගැනීම සඳහා අයදුම්පතක් ඉදිරිපත් කර තිබෙනවා.

මේ පිළිබඳව පොලිසිය තොරතුරු ලැබී ඇති අතර අනතුරුව ඇයව පූජාපිටිය පොලීසියට කැඳවා කළ ප්‍රශ්න කිරීම් වලදී අනාවරණය වී ඇත්තේ කලක සිට අතුරුදන්ව සිටි අදාල කාන්තාව මැය බවයි.

අදාල කාන්තාව මීට වසර කිහිපයකට පෙර එම ප්‍රදේශයේ වෙනත් පුද්ගලයෙකු සමඟ පලා ගොස් අඹුසැමියන් ලෙස ජීවත්ව ඇති බවට ප්‍රශ්න කිරීම් වලදී වැඩිදුරටත් හෙළිව තිබෙනවා.

ඔවුන්ට දාව දරුවෙක්ද සිටින බවට අනාවරණය වී ඇති අතර පොලිසියේදී නීත්‍යානුකූල සැමියා ඇයට තමන් සහ දරුවන්  සමඟ එන ලෙස ඉල්ලීමක් කළ ද ඇය එම ඉල්ලීම ප්‍රතික්ෂේප කර ඇති බවයි වාර්තා වන්නේ.

කෙසේ වෙතත් මෙම සිද්ධිය සම්බන්ධයෙන් පූජාපිටිය පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වනු ලබනවා.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories