අගමැති බොරිස් ජොන්සන් - යුරෝපා සංගමයෙන් වෙන්වීමේ පැහැදිලි මඟක් සොයයි

Friday, 13 December 2019 - 9:34

%E0%B6%85%E0%B6%9C%E0%B6%B8%E0%B7%90%E0%B6%AD%E0%B7%92+%E0%B6%B6%E0%B7%9C%E0%B6%BB%E0%B7%92%E0%B7%83%E0%B7%8A+%E0%B6%A2%E0%B7%9C%E0%B6%B1%E0%B7%8A%E0%B7%83%E0%B6%B1%E0%B7%8A+-+%E0%B6%BA%E0%B7%94%E0%B6%BB%E0%B7%9D%E0%B6%B4%E0%B7%8F+%E0%B7%83%E0%B6%82%E0%B6%9C%E0%B6%B8%E0%B6%BA%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B7%80%E0%B7%99%E0%B6%B1%E0%B7%8A%E0%B7%80%E0%B7%93%E0%B6%B8%E0%B7%9A+%E0%B6%B4%E0%B7%90%E0%B7%84%E0%B7%90%E0%B6%AF%E0%B7%92%E0%B6%BD%E0%B7%92+%E0%B6%B8%E0%B6%9F%E0%B6%9A%E0%B7%8A+%E0%B7%83%E0%B7%9C%E0%B6%BA%E0%B6%BA%E0%B7%92
බ්‍රිතාන්‍ය මහමැතිවරණයේ ප්‍රතිඵල දැන් නිකුත් වෙමින් පවතින අතර, අගමැති බොරිස් ජොන්සන්ගේ පාලක කන්සර්වටිව් පක්ෂය මේ වන විට ආසන 100ක බලය හිමි කරගෙන සිටිනවා.

කම්කරු පක්ෂයට හිමිව ඇත්තේ ආසන 85ක් පමණයි.

එහිදී කන්සර්වටිව් පක්ෂයේ ආසන සංඛ්‍යාව 17කින් ඉහළ ගොස් ඇති අතර කම්කරු පක්ෂයට පැවති ආසන 22ක් අහිමි වීම විශේෂත්වයක්.

මැතිවරණයේ අවසන් ප්‍රතිඵලය අද සන්ධ්‍යාවේ නිකුත් වනු ඇතැයි අපේක්ෂා කෙරෙන අතර එහිදී කන්සර්වටිව් පක්ෂයට ආසන 357ක් සහ කම්කරු පක්ෂයට ආසන 201ක් හිමි වනු ඇති බවටයි නවතම අනාවැකි පළ වන්නේ.

සිය ජයග්‍රහණය සහතික බව පවසන අගමැති බොරිස් ජොන්සන් කියා සිටියේ එය බ්‍රිතාන්‍යය, යුරෝපා සංගමයෙන් වෙන්වීමේ බ්‍රික්සිට් ක්‍රියාවලිය පැහැදිලි මඟකට අවතීර්ණ කරනු ඇති බවයි.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories