සැරයන් කළබලවී කොස්තාපල්ට වෙඩි වදී

Friday, 13 December 2019 - 19:19

%E0%B7%83%E0%B7%90%E0%B6%BB%E0%B6%BA%E0%B6%B1%E0%B7%8A+%E0%B6%9A%E0%B7%85%E0%B6%B6%E0%B6%BD%E0%B7%80%E0%B7%93+%E0%B6%9A%E0%B7%9C%E0%B7%83%E0%B7%8A%E0%B6%AD%E0%B7%8F%E0%B6%B4%E0%B6%BD%E0%B7%8A%E0%B6%A7+%E0%B7%80%E0%B7%99%E0%B6%A9%E0%B7%92+%E0%B7%80%E0%B6%AF%E0%B7%93
හම්බෙගමුව පොලිස් ස්ථානයේ සැරයන්වරයෙකුගේ ගිනි අවියක් ක්‍රියාත්මක වීමෙන් එහි සේවයේ නිරත පොලිස් කොස්තාපල්වරයෙකුට තුවාල සිදුවී තිබෙනවා.

ඊයේ රාත්‍රියේ අලූත්වැව - කිඹින්මුල්ල ප්‍රදේශයේ රාත්‍රියේ රාජකාරි සිදුකරමින් සිටින අතරතුරදී ගිනි අවිය මෙලෙස ක්‍රියාත්මක වී ඇති බවයි එම පොලිස් ස්ථානයේ උසස් පොලිස් නිලධාරියෙකු සඳහන් කළේ.

ජිප් රථයකින් ගමන් කරමින් ඔවුන් රාත්‍රි මුර සංචාරය සිදුකර තිබූ අතර, එම ස්ථානය ඉදිරියෙන් යතුරුපැදියක් අධික ශබ්දයක් නගමින් ගමන් කිරීමට උත්සාහ කර තිබෙනවා.

ඉන් කලබලයට පත් පොලිස් සැරයන්වරයා ගිනි අවිය සූදානම් කිරීමට තැත් කරන අවස්ථාවේදී මෙලෙස එකවරම ගිනි අවිය ක්‍රියාත්මක වී ඇති බව සඳහන්.

ගිනි අවිය ක්‍රියාත්මක වීමෙන් අසල සිටි පොලිස් කොස්තාපල්වරයාගේ පාදයකට වෙඩි වැදී ඇති අතර පසුව ඔහු හම්බෙගමුව ප්‍රාදේශීය රෝහලට ඇතුළත් කළා.

අනතුරුව ඔහු වැඩිදුර ප්‍රතිකාර සඳහා ගාල්ල - කරාපිටිය මහ රෝහල වෙත යොමුකර තිබුණා.

පසුව අනාවරණ වී ඇත්තේ යතුරුපැදියෙන් පැමිණ ඇත්තේ ද තවත් පොලිස් නිලධාරින් දෙදෙනෙකු බවයි.

කෙසේ වෙතත්, අදාළ පොලිස් සැරයන්වරයා සම්බන්ධයෙන් වැල්ලවාය අධිකරණයට කරුණු වාර්තා කළ බව හම්බෙගමුව පොලීසිය ප්‍රකාශ කළා.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories