හිටපු ඇමති සජිත්ට, රාජ්‍ය ඇමති ඉන්දිකගෙන් චෝදනා

Saturday, 14 December 2019 - 19:52

%E0%B7%84%E0%B7%92%E0%B6%A7%E0%B6%B4%E0%B7%94+%E0%B6%87%E0%B6%B8%E0%B6%AD%E0%B7%92+%E0%B7%83%E0%B6%A2%E0%B7%92%E0%B6%AD%E0%B7%8A%E0%B6%A7%2C+%E0%B6%BB%E0%B7%8F%E0%B6%A2%E0%B7%8A%E2%80%8D%E0%B6%BA+%E0%B6%87%E0%B6%B8%E0%B6%AD%E0%B7%92+%E0%B6%89%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF%E0%B7%92%E0%B6%9A%E0%B6%9C%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%A0%E0%B7%9D%E0%B6%AF%E0%B6%B1%E0%B7%8F
නිවාස සංවර්ධන හිටපු අමාත්‍ය සජිත් ප්‍රේමදාස සිදුකළ අවිධිමත් ව්‍යාපෘති හේතුවෙන් නිවාස සංවර්ධන අධිකාරිය මේ වනවිට නොවිසඳුනු ගැටලූ ගණනාවකට මුහුණ පා ඇති බව රාජ්‍ය අමාත්‍ය ඉන්දික අනුරුද්ධ පවසනවා.

ඔහු මෙම අදහස් පළ කලේ හම්බන්තොට දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ පැවති ප්‍රගති සමාලෝචන රැස්වීමකදීයි.

නිවාස සංවර්ධන හිටපු අමාත්‍ය සජිත් ප්‍රේමදාසගේ නිවාස ව්‍යාපෘතියක් හරහා තිස්සමහාරාම - වීරහෙල ග්‍රාම සේවා වසමේ ජනතාව දැඩි අසීරුතාවකට පත්ව ඇති පුවතක් අප පසුගියදා වාර්තා කළා.

එහිදී අනාවරණ වූයේ නිවාස ඉදිකිරීමට අවශ්‍ය අමුද්‍රව්‍ය සඳහා අධික මුදලක් වැය වූ බව පවසමින් නිවාස සංවර්ධන අධිකාරියේ නිලධාරින් ප්‍රදේශයේ ජනතාවට වංචා සිදුකර ඇති බවයි.

ඒ සම්බන්ධයෙන් රාජ්‍ය අමාත්‍ය ඉන්දික අනුරුද්ධගේ ප්‍රධානත්වයෙන් ඊයේ පස්වරුවේ පැවති නිවාස ව්‍යාපෘතිවල ප්‍රගති සමාලෝචන රැස්වීමේදී ද අවධානය යොමුවුණා.

ඒ සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මෙන්ම, නිවාස සංවර්ධන අධිකාරියේ නිලධාරින් ඇතුළු රාජ්‍ය ආයතන කිහිපයක නිලධාරින් එක්ව සිටියා.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories