ඉරානයට දැඩි සම්බාධක පනවන බව ට්‍රම්ප් ජාතිය අමතමින් කියයි

Thursday, 09 January 2020 - 6:31

%E0%B6%89%E0%B6%BB%E0%B7%8F%E0%B6%B1%E0%B6%BA%E0%B6%A7+%E0%B6%AF%E0%B7%90%E0%B6%A9%E0%B7%92+%E0%B7%83%E0%B6%B8%E0%B7%8A%E0%B6%B6%E0%B7%8F%E0%B6%B0%E0%B6%9A+%E0%B6%B4%E0%B6%B1%E0%B7%80%E0%B6%B1+%E0%B6%B6%E0%B7%80+%E0%B6%A7%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B6%B8%E0%B7%8A%E0%B6%B4%E0%B7%8A+%E0%B6%A2%E0%B7%8F%E0%B6%AD%E0%B7%92%E0%B6%BA+%E0%B6%85%E0%B6%B8%E0%B6%AD%E0%B6%B8%E0%B7%92%E0%B6%B1%E0%B7%8A+%E0%B6%9A%E0%B7%92%E0%B6%BA%E0%B6%BA%E0%B7%92
ඉරානයට පිළිතුරු දීමක් වශයෙන් ඉදිරියේදී දැඩි නව ආර්ථීක සම්බාධක පනවන බව ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ජාතිය අමතමින් ප්‍රකාශ කළා.

ඔහු සඳහන් කළේ ඉරාකයේ පිහිටි සිය ගුවන් කඳවුරුවලට ඉරානය එල්ල කළ ප්‍රහාරයෙන් කිසිදු ජීවිත හානියක් සිදු නොවූ බවයි.

තම සෙබළුන් ආරක්ෂිතව සිටින බවද ඔහු එහිදි සඳහන් කළා.

ඇමරිකානු ඩ්‍රෝන ප්‍රහාරයකින් මියගිය ඉරාන විප්ලවවාදී  හමුදා ප්‍රධානී ජෙනරාල් කසෙම් සොලෙයිමානි ලොව ප්‍රබලම ත්‍රස්තවාදියෙකු බවයි ඇමරිකානු ජනාධිපතිවරයා ප්‍රකාශ කර ඇත්තේ.

එමෙන්ම මැදපෙරදිග ඉන්ධන ඇමරිකාවට අවශ්‍ය නොවන බවත්, තමන් බලයේ සිටින තාක් ඉරානයට කිසිදු විටක න්‍යෂ්ටික අවි භාවිත කිරීමට ඉඩ නොදෙන බවත් ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ජාතිය අමතමින් ප්‍රකාශ කර තිබෙනවා.

ඉරාන සන්නද්ධ හමුදා ප්‍රධානී ජෙනරාල් කසෙම් සොලෙයිමානි ඩ්‍රෝන ප්‍රහාරයකින් මියයාමට ප්‍රතිචාර වශයෙන් ඊයේ දිනයේදී ඉරානය විසින් ඉරාකයේ බැග්ඩෑඩ් හි පිහිටි ඇමරිකානු කඳවුරු දෙකකට මිසයිල ප්‍රහාර එල්ල කරනු ලැබුවා.

මේ අතර එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ අබුඩාබි හි පිහිටි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය එරට වෙසෙන ශ්‍රී ලාංකිකයින්ගෙන් ඉල්ලා සිටින්නේ අනවශ්‍ය ගමන් බිමන් සහ ජනතාව වැඩිපුර ගැවසෙන ස්ථානවලින් ඉවත්ව සිටීමට කටයුතු කරන ලෙසයි. 


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories