%E0%B6%B6%E0%B7%90%E0%B6%B3%E0%B7%94%E0%B6%B8%E0%B7%8A%E0%B6%9A%E0%B6%BB+%E0%B7%80%E0%B7%9D%E0%B7%84%E0%B7%8F%E0%B6%BB%E0%B7%92%E0%B6%9A+%E0%B7%80%E0%B7%92%E0%B6%9C%E0%B6%AB%E0%B6%B1+%E0%B7%80%E0%B7%8F%E0%B6%BB%E0%B7%8A%E0%B6%AD%E0%B7%8F%E0%B7%80+%E0%B6%B8%E0%B6%B1%E0%B7%8A%E0%B6%AD%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%93%E0%B7%80%E0%B6%BB%E0%B7%94%E0%B6%B1%E0%B7%8A%E0%B6%A7+%E0%B6%BD%E0%B6%B6%E0%B7%8F%E0%B6%AF%E0%B7%93%E0%B6%B8+%E0%B6%9C%E0%B7%90%E0%B6%B1+%E0%B6%9A%E0%B6%AE%E0%B7%8F%E0%B6%B1%E0%B7%8F%E0%B6%BA%E0%B6%9A%E0%B6%9C%E0%B7%9A+%E0%B6%AD%E0%B7%93%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF%E0%B7%94%E0%B7%80+%E0%B6%89%E0%B6%AF%E0%B7%92%E0%B6%BB%E0%B7%92+%E0%B6%B4%E0%B7%8F%E0%B6%BB%E0%B7%8A%E0%B6%BD%E0%B7%92%E0%B6%B8%E0%B7%9A%E0%B6%B1%E0%B7%8A%E0%B6%AD%E0%B7%94+%E0%B7%83%E0%B6%AD%E0%B7%92%E0%B6%BA%E0%B7%9A
Tuesday, 14 January 2020 - 19:45
බැඳුම්කර වෝහාරික විගණන වාර්තාව මන්ත්‍රීවරුන්ට ලබාදීම ගැන කථානායකගේ තීන්දුව ඉදිරි පාර්ලිමේන්තු සතියේ
78

Views
මහබැංකු බැඳුම්කර නිකුතුවේ වෝහාරික විගණන වාර්තාව පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වෙත ලබාදීම පිළිබඳව ලබන සතියේ තීන්දු කරන බව කථානායක කාර්යාලය නිවේදනය කළා.

ඒ අනුව එළඹෙන 21 වනදා ඇරඹෙන පාර්ලිමේන්තු සතියේදී ඊට අදාළ තීරණය ගන්නා බවයි එහි දැක්වෙන්නේ.

මීට පෙර මෙම වාර්තාව පාර්ලිමේන්තුවට ලැබී තිබූ අතර, නීතිපතිවරයාගේ උපදෙස් මත එම වාර්තාව පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට නිකුත් කිරීම අත්හිටුවීමටයි කථානායකවරයා පියවර ගත්තේ.

ඊයේ පාර්ලිමේන්තුවේ පැවති පක්ෂ නායක සහ දේශපාලන පක්ෂ නියෝජිතයින්ගේ රැස්වීමේදි පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් විසින් එම විගණන වාර්තාව හැකි ඉක්මණින් නිකුත් කරන ලෙස කථානායකවරයාගෙන් ඉල්ලීමක් කර තිබෙනවා.

මේ අතර කථානායක කරූ ජයසූරිය, නීතිපති දප්පුල ද ලිවේරා සහ වැඩබලන පොලිස්පතිවරයා ඇතුලු තවත් නිලධාරීන් කිහිපදෙනෙකු සමඟ අද විශේෂ සාකච්ඡාවක් පවත්වා තිබෙනවා.

ඒ, පාර්ලිමේන්තු සංකීර්ණයේදියි.

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් අත්අඩංගුවට ගැනීමේදී අනුගමනය කළ යුතු ක්‍රියාමාර්ග පිළිබඳව මෙන්ම තවත් කරුණු කිහිපයක් පිළිබඳව මෙහිදී සාකච්ඡා කෙරුණු බවයි වාර්තාවන්නේ.
Make a Comment
Make a Comment

DOWNLOAD HIRUNEWS APP ON ANDROID & APPLE
තබ්බෝව ගොවි ජනපදයෙන් අරුම පුදුම අඹ වර්ගයක් හමුවෙයි
Tuesday, 31 December 2019 - 11:14
පුත්තලම, තබ්බෝව ගොවි ජන පදයට අයත් තේවනුවර ගොවි ගම්මානයේ ඉතා දුර්ලභ ගණයේ අඹ වර්ගයක් හමුවී තිබෙනවා.බණ්ඩාරනායක... Read More
News Image
News Image
Hiru News Programme Segments
128 Views
75,033 Views
25,442 Views
35,467 Views
402 Views
120,200 Views
Top