%E0%B7%83%E0%B7%94%E0%B6%B1%E0%B6%9B%E0%B6%BA%E0%B7%99%E0%B6%9A%E0%B7%94%E0%B6%A7+%E0%B7%80%E0%B7%99%E0%B6%A9%E0%B7%92+%E0%B6%AD%E0%B7%90%E0%B6%B6%E0%B7%93%E0%B6%B8%E0%B7%9A+%E0%B7%83%E0%B7%92%E0%B6%AF%E0%B7%8A%E0%B6%B0%E0%B7%92%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A+%E0%B6%9C%E0%B7%90%E0%B6%B1+%E0%B6%B4%E0%B7%9C%E0%B6%BD%E0%B7%93%E0%B7%83%E0%B7%92%E0%B6%BA%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B7%80%E0%B7%92%E0%B6%B8%E0%B6%BB%E0%B7%8A%E0%B7%81%E0%B6%B1%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A
Tuesday, 14 January 2020 - 20:07
සුනඛයෙකුට වෙඩි තැබීමේ සිද්ධියක් ගැන පොලීසියෙන් විමර්ශනයක්
682

Views
කොබෙයිගනේ - හෙංගමුව ප්‍රදේශයේ කුකුල් ගොවිපලක කූඩුවක සිටින සුනඛයෙකුට අමානුෂික අන්දමින් වෙඩි තබා පහරදීමේ සිද්ධිය සම්බන්ධයෙන් කොබෙයිගනේ පොලිසිය විමර්ශනයක් ආරම්භ කර තිබෙනවා.

ඒ සමාජ මාධ්‍ය තුල සැරිසරන ඊට අදාල විඩියෝව සම්බන්ධයෙන් විමර්ශණයක් සිදුකරන ලෙස අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ කළ දැනුම්දීමකින් අනතුරුවයි.

අග්‍රාමාත්‍යවරයා අද දිනයේ ටිව්ටර් සටහනක්ද තබමින් සදහන් කලේ මෙම සිද්ධීය ඇතුලු මෑතකදි දිවයින නන්දෙසින් වාර්තා වු සත්ත්ව හිංසන ක්‍රියා සම්බන්ධයෙන් තමන් කම්පනයට පත්වු බවයි.

මෙම වෙඩි තැබීමේ සිද්ධිය පිළිබදව හිරු ප්‍රවෘත්ති අංශය කොබෙයිගනේ පොලිසියෙන් විමසීමක් කළ අතර එහි උසස් නිලධාරියෙකු කියා සිටියේ වායු රයිෆලයක් උපයෝගී කරගනිමින් අදාල වෙඩි තැබීම සිදුකරන පුද්ගලයා සහ ගොවිපලේ සිටි තවත් පුද්ගලයෙකුගෙන් දැනටමත් ප්‍රකාශ සටහන් කර ගෙන ඇති බවයි.

කෙසේ වෙතත් ගොවිපලේ හිමිකරු අසනීප තත්ත්වයකින් පසුවන බවට ප්‍රකාශ කිරීම නිසා මෙතෙක් ඔහුගෙන් ප්‍රකාශ සටහන් කර ගැනීමට නොහැකි වු බවද එම උසස් නිලධාරියා සදහන් කලා.

එහෙත් මීට සම්බන්ධ සියලු සැකකරුවන්ට එරෙහිව නිතීය දැඩිව ක්‍රියාත්මක කරන බවයි පොලීසිය සදහන් කළේ.

Make a Comment
Make a Comment

DOWNLOAD HIRUNEWS APP ON ANDROID & APPLE
තබ්බෝව ගොවි ජනපදයෙන් අරුම පුදුම අඹ වර්ගයක් හමුවෙයි
Tuesday, 31 December 2019 - 11:14
පුත්තලම, තබ්බෝව ගොවි ජන පදයට අයත් තේවනුවර ගොවි ගම්මානයේ ඉතා දුර්ලභ ගණයේ අඹ වර්ගයක් හමුවී තිබෙනවා.බණ්ඩාරනායක... Read More
News Image
Hiru News Programme Segments
539 Views
75,624 Views
25,567 Views
35,702 Views
83 Views
120,515 Views
Top