UNP පාර්ලිමේන්තු මන්ත්‍රී ශාන්ත අබේසේකර යළි රිමාන්ඩ්

Friday, 17 January 2020 - 15:10

UNP+%E0%B6%B4%E0%B7%8F%E0%B6%BB%E0%B7%8A%E0%B6%BD%E0%B7%92%E0%B6%B8%E0%B7%9A%E0%B6%B1%E0%B7%8A%E0%B6%AD%E0%B7%94+%E0%B6%B8%E0%B6%B1%E0%B7%8A%E0%B6%AD%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%93+%E0%B7%81%E0%B7%8F%E0%B6%B1%E0%B7%8A%E0%B6%AD+%E0%B6%85%E0%B6%B6%E0%B7%9A%E0%B7%83%E0%B7%9A%E0%B6%9A%E0%B6%BB+%E0%B6%BA%E0%B7%85%E0%B7%92+%E0%B6%BB%E0%B7%92%E0%B6%B8%E0%B7%8F%E0%B6%B1%E0%B7%8A%E0%B6%A9%E0%B7%8A
ඇප කොන්දේසි කඩකිරීමේ චෝදනාව මත අත්අඩංගුවට ගෙන සිටින එක්සත් ජාතික පක්ෂ පුත්තලම දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ශාන්ත අබේසේකර මේ මස 21 වනදා දක්වා අද (17) යළි රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණා.

ඒ හලාවත මහාධිකරණය හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි.

2004 වසරේ මන්ත්‍රීවරයාගේ නිවසේ තිබී නීතිවිරෝධී ගිනි අවියක් පොලිස් භාරයට ගැනීමේ සිද්ධියට අදාළව ඔහුට ඇප ලබාදීමේදී සෑම ඉරුදිනකම හලාවත පොලීසියේ පෙනී සිටින ලෙස නියෝග කර තිබුණා.

එහෙත්, එම ඇප කොන්දේසිය අවස්ථා දෙකකදී මන්ත්‍රීවරයා විසින් කඩ කිරීම හේතුවෙනුයි ඔහු රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින්නේ.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories