"මාතෘ භූමියේ පුරන් කුඹුරු අස්වද්දන - තුන් හෙළයේ රන් කෙත් උදානය" හිරු ගොවි සංග්‍රාමය අරඹමින් අස්වැද්දූ ගාල්ල - තවලම - බඩඅමුණ යායේ ගොයමේ දළුලා වැඩෙන අයුරු

Friday, 17 January 2020 - 16:47

%22%E0%B6%B8%E0%B7%8F%E0%B6%AD%E0%B7%98+%E0%B6%B7%E0%B7%96%E0%B6%B8%E0%B7%92%E0%B6%BA%E0%B7%9A+%E0%B6%B4%E0%B7%94%E0%B6%BB%E0%B6%B1%E0%B7%8A+%E0%B6%9A%E0%B7%94%E0%B6%B9%E0%B7%94%E0%B6%BB%E0%B7%94+%E0%B6%85%E0%B7%83%E0%B7%8A%E0%B7%80%E0%B6%AF%E0%B7%8A%E0%B6%AF%E0%B6%B1+-+%E0%B6%AD%E0%B7%94%E0%B6%B1%E0%B7%8A+%E0%B7%84%E0%B7%99%E0%B7%85%E0%B6%BA%E0%B7%9A+%E0%B6%BB%E0%B6%B1%E0%B7%8A+%E0%B6%9A%E0%B7%99%E0%B6%AD%E0%B7%8A+%E0%B6%8B%E0%B6%AF%E0%B7%8F%E0%B6%B1%E0%B6%BA%22+%E0%B7%84%E0%B7%92%E0%B6%BB%E0%B7%94+%E0%B6%9C%E0%B7%9C%E0%B7%80%E0%B7%92+%E0%B7%83%E0%B6%82%E0%B6%9C%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%8F%E0%B6%B8%E0%B6%BA+%E0%B6%85%E0%B6%BB%E0%B6%B9%E0%B6%B8%E0%B7%92%E0%B6%B1%E0%B7%8A+%E0%B6%85%E0%B7%83%E0%B7%8A%E0%B7%80%E0%B7%90%E0%B6%AF%E0%B7%8A%E0%B6%AF%E0%B7%96+%E0%B6%9C%E0%B7%8F%E0%B6%BD%E0%B7%8A%E0%B6%BD+-+%E0%B6%AD%E0%B7%80%E0%B6%BD%E0%B6%B8+-+%E0%B6%B6%E0%B6%A9%E0%B6%85%E0%B6%B8%E0%B7%94%E0%B6%AB+%E0%B6%BA%E0%B7%8F%E0%B6%BA%E0%B7%9A+%E0%B6%9C%E0%B7%9C%E0%B6%BA%E0%B6%B8%E0%B7%9A+%E0%B6%AF%E0%B7%85%E0%B7%94%E0%B6%BD%E0%B7%8F+%E0%B7%80%E0%B7%90%E0%B6%A9%E0%B7%99%E0%B6%B1+%E0%B6%85%E0%B6%BA%E0%B7%94%E0%B6%BB%E0%B7%94
අභිමානවත් පැරකුම් යුගයකට පෙරමුණ ගන්නා මාතෘ භූමියේ සියලූම පුරන් කුඹුරු අස්වැද්දවීමේ මහා මංගල්‍යය හිරු ජාතික ගොවි සංග්‍රාමය තුන් හෙළයේ රන් කෙත් උදානය පසුගිය බ්‍රහස්පතින්දා (09) උදෑසන ආරම්භ වූයේ, ගාල්ල - තවලම - බඩඅමුණ යායෙන්.

මෙරට සියලූ පුරන් කුඹුරු අස්වද්දා රට සහලින් ස්වයංපෝෂිත කිරීමේ අරමුණින් හිරු ජාතික ගොවි සංග්‍රාමය තුන් හෙළයේ රන් කෙත් උදානය වැඩසටහන නිර්මාණය කෙරුණේ හිරු මාධ්‍ය ජාලයේ සභාපති රේනෝ සිල්වා මහතාගේ සංකල්පයකට අනුවයි.

ගොවි බිමෙන් ඈත්ව සිටින ජවයෙන් පිරි තාරුණ්‍යය නැවතත් ගොවි බිමට කැඳවාගෙන එමින් පරාක්‍රමබාහු යුගයෙන් පසුව නැවතත් රට සහලින් ස්වයංපෝෂිත කිරීම මෙහි අරමුණයි.

එය සාක්ෂාත් කරමින් විශාල තරුණ පිරිසක් එදින හිරු ජාතික ගොවි සංග්‍රාමය සඳහා එක් වුණා.

එසේ අස්වැද්දුණූ වෙල්යාය මේ වන විට දළුලා වැඩෙන්නේ ජාතියට නව බලාපොරොත්තුවක් එක් කරමින්. එම මනස්කාන්ත දර්ශණය මෙලෙසින් කැමරා කාචයේ සටහන් වුණා.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories