රන්ජන් රාමනායක මුදා හරින්නැයි මෝසමක් මගින් කල ඉල්ලීම අධිකරණ ප්‍රතික්ෂේප කරයි

Friday, 17 January 2020 - 18:07

%E0%B6%BB%E0%B6%B1%E0%B7%8A%E0%B6%A2%E0%B6%B1%E0%B7%8A+%E0%B6%BB%E0%B7%8F%E0%B6%B8%E0%B6%B1%E0%B7%8F%E0%B6%BA%E0%B6%9A+%E0%B6%B8%E0%B7%94%E0%B6%AF%E0%B7%8F+%E0%B7%84%E0%B6%BB%E0%B7%92%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1%E0%B7%90%E0%B6%BA%E0%B7%92+%E0%B6%B8%E0%B7%9D%E0%B7%83%E0%B6%B8%E0%B6%9A%E0%B7%8A+%E0%B6%B8%E0%B6%9C%E0%B7%92%E0%B6%B1%E0%B7%8A+%E0%B6%9A%E0%B6%BD+%E0%B6%89%E0%B6%BD%E0%B7%8A%E0%B6%BD%E0%B7%93%E0%B6%B8+%E0%B6%85%E0%B6%B0%E0%B7%92%E0%B6%9A%E0%B6%BB%E0%B6%AB+%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B6%AD%E0%B7%92%E0%B6%9A%E0%B7%8A%E0%B7%82%E0%B7%9A%E0%B6%B4+%E0%B6%9A%E0%B6%BB%E0%B6%BA%E0%B7%92
පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක අත්අඩංගුවට ගෙන ඇත්තේ නීත්‍යානුකූල නොවන අයුරින් බවට කරුණු දක්වමින්, ඔහු මුදාහරින ලෙස මෝසමක් මගින් මන්ත්‍රීවරයාගේ නීතිඥවරුන් සිදුකළ ඉල්ලීමක් නුගේගොඩ මහේස්ත්‍රාත් අධිකරණය අද ප්‍රතික්ෂේප කළා.

මේ අතර, මන්ත්‍රීවරයාගේ නිවසේ තිබී පොලිස් භාරයට ගත් භාණ්ඩ සම්බන්ධයෙන් වන නඩුව ද අද නුගේගොඩ අතිරේක මහේස්ත්‍රාත් එච්.යූ.කේ. පැල්පොල හමුවේ කැඳවනු ලැබුවා.

මෙහිදී කුමන අයුරකින් සිදුකළ වරදක් සම්බන්ධයෙන් වූවද වරෙන්තුවක් ලබා ගැනීමට මෙන්ම නිකුත් කිරීමටද මහේස්ත්‍රාත් අධිකරණයට බලය ඇති බව පවසමින් විනිසුරුවරයා මෝසම මගින් සිදුකර තිබූ ඉල්ලීම ප්‍රතික්ෂේප කළා.

දැනට රක්ෂිත බන්ධනාගාරගත කර සිටින රන්ජන් රාමනායක මන්ත්‍රීවරයා බන්ධනාගාර නිලධාරීන් විසින් අද අධිකරණයට රැගෙන එනු ලැබුවා.  

පසුගිය 04 වැනිදා මන්ත්‍රීවරයාගේ මාදිවෙල පිහිටි නිවස පරීක්ෂාවට ලක් කිරීමේදී හඬපට සහිත දෘඪ තැටි 09 ක්, ඩී.වී.ඩී. තැටි 162 ක්, ලැප්ටොප් පරිගනක යන්ත්‍රයක්, බලපත්‍ර රහිත ගිනි අවියක් මෙන්ම සජීවි පතොරොම් 127 ක් සොයාගත්තා.

පසුව ඊට අදාළව නුගේගොඩ අතිරේක මහේස්ත්‍රාත් එච්.යූ.කේ. පැල්පොල ඔහු ඇපමත මුදාහැරීමට නියෝග කළ අතර, විදෙස් ගමන් තහනමක්ද පැනවීමටයි පසුගිය 05 වැනිදා නියෝග කළේ.

එමෙන්ම, පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායකගේ නිවස පරීක්ෂා කිරීමේදී හමුවූ දුරකතන සංවාද ඇතුළත් සංයුක්ත තැටි සහ පරිගණක දත්ත පිළිබඳ රස පරීක්ෂක වාර්තාවක්ද කැඳවා තිබෙනවා.

නුගේගොඩ මහේස්ත්‍රාත් අධිකරණය අදාළ වාර්තාව පසුගිය 09 වැනිදා කැඳවූයේ කොළඹ අපරාධ කොට්ඨාශය සිදුකළ ඉල්ලීමකට අනුවයි.

එසේම, මන්ත්‍රීවරයාගේ නිවසෙන් සොයාගත් නීතිවිරෝධී ගිනි අවිය, පතොරම් සහ හඬපට ඇතුළු භාණ්ඩ සම්බන්ධයෙන් සවිස්තර වාර්තාවක් අධිකරණයට ඉදිරිපත් කරන ලෙසද නුගේගොඩ මහේස්ත්‍රාත් එච්.යූ.කේ. පැල්පොල පසුගිය 8 වන දා කොළඹ අපරාධ කොට්ඨාශයට නියෝග කරනු ලැබුවා.

මේ අතර, මන්ත්‍රීවරයා රිමාන්ඞ් කළ අවස්ථාවේදී ඔහු වෙුනවෙන් පෙනී සිටි නීතිඥ ආශා කහවත්ත මාධ්‍ය වෙත දැක්වූ අදහස් ඇතුළත් සංස්කරණය නොකළ දර්ශන ලබාදෙන ලෙසද අද නුගේගොඩ අතිරේක මහේස්ත්‍රාත් එච්.යූ.කේ. පැල්පොල මාධ්‍ය ආයතන 3 කට නියෝග කළා.

ඒ, නීතිපති දෙපාර්තමේන්තුව වෙනුවෙන් අධිකරණයට කරුණු දැක්වූ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් දිලීප පීරිස් සිදුකළ ඉල්ලීම සලකා බැලීමෙන් අනතුරුවයි.

එහිදී නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයා කියා සිටියේ අධිකරණයේ ගෞරවය සුරැකීම සඳහා මෙම පියවර ගත් බවයි අධිකරණයට අපහාස කිරීම සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණයේ මතය විමසීමට අපේක්ෂා කරන බවත් ඔහු මහේස්ත්‍රාත්වරයා හමුවේ කියා සිටියා.

පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක රක්ෂිත බන්ධනාගාරගත කිරීමට අධිකරණය ලබාදුන් නියෝගය විවේචනය කිරීම සම්බන්ධයෙන් ඔහුගේ නීතිඥවරිය වන ආශා කහවත්ත සම්බන්ධයෙන්ද විමර්ශනයක් සිදුකරන ලෙසට නීතිපතිවරයා කොළඹ අපරාධ කොට්ඨාශය වෙත මීට පෙර නියෝග කර තිබුණා.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories