%E0%B7%84%E0%B6%AC%E0%B6%B4%E0%B6%A7%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A+%E0%B6%B1%E0%B7%92%E0%B7%83%E0%B7%8F+%E0%B6%BA%E0%B7%94%E0%B6%9A%E0%B7%8A%E0%B6%BB%E0%B7%9A%E0%B6%B1+%E0%B6%85%E0%B6%9C%E0%B6%B8%E0%B7%90%E0%B6%AD%E0%B7%92+%E0%B6%89%E0%B6%BD%E0%B7%8A%E0%B6%BD%E0%B7%8F+%E0%B6%85%E0%B7%83%E0%B7%8A%E0%B7%80%E0%B7%99%E0%B6%BA%E0%B7%92
Friday, 17 January 2020 - 19:01
හඬපටයක් නිසා යුක්රේන අගමැති ඉල්ලා අස්වෙයි
635

Views
යුක්රේන ජනාධිපතිවරයා විවේචනය කරන හඬපටයක් ප්‍රසිද්ධියට පත්වීමෙන් පසු යුක්රේන අග්‍රාමාත්‍ය ඔලෙක්සි හොන්චාරුක් සිය ධුරයෙන් ඉල්ලා අස්වීමේ ලිපිය ජනාධිපතිවරයා වෙත භාරදී තිබෙනවා.

සිය ඉල්ලා අස්වීම සම්බන්ධයෙන් ෆේස්බුක් ගිණුමේ සටහනක් තබමින් ඔහු ප්‍රකාශ කර ඇත්තේ ජනාධිපතිවරයා කෙරෙහි ගෞරවය හා විශ්වාසය සම්බන්ධයෙන් මතුවූ සැකය දුරු කිරීම සඳහා එලෙස ඉල්ලා අස්වීමට තීරණය කළ බවයි.

එමෙන්ම, තමන් සිදුකළ ප්‍රකාශයක් මෙලෙස සැලසුම් සහගතව සංස්කරණය කර මුදා හැර ඇති බවයි අග්‍රාමාත්‍ය ඔලෙක්සි හොන්චාරුක් එහි වැඩිදුරටත් දක්වා ඇත්තේ.

කෙසේ වෙතත් ජනාධිපති කාර්යාලය නිවේදනය කර ඇත්තේ අග්‍රාමාත්‍යවරයාගේ ඉල්ලා අස්වීමේ ලිපිය සම්බන්ධයෙන් ජනාධිපතිවරයා සලකා බලමින් සිටින බවයි.
Make a Comment
Make a Comment

DOWNLOAD HIRUNEWS APP ON ANDROID & APPLE
News Image
Hiru News Programme Segments
616 Views
78,899 Views
26,268 Views
37,197 Views
12 Views
122,535 Views
Top
hirunews Sinhala,sri lanka Sinhala news,Sinhala political news,Sinhala breaking news,sports,finance,entertainment,sri lanka,lanka, sri lanka Sinhala news, lanka news, sri lanka cricket, sri lanka breaking news,Sinhala news,A Rayynor Silva Holdings Company