ඉරාන ආධ්‍යාත්මික නායකයා ජාතිය අමතයි

Saturday, 18 January 2020 - 11:10

%E0%B6%89%E0%B6%BB%E0%B7%8F%E0%B6%B1+%E0%B6%86%E0%B6%B0%E0%B7%8A%E2%80%8D%E0%B6%BA%E0%B7%8F%E0%B6%AD%E0%B7%8A%E0%B6%B8%E0%B7%92%E0%B6%9A+%E0%B6%B1%E0%B7%8F%E0%B6%BA%E0%B6%9A%E0%B6%BA%E0%B7%8F+%E0%B6%A2%E0%B7%8F%E0%B6%AD%E0%B7%92%E0%B6%BA+%E0%B6%85%E0%B6%B8%E0%B6%AD%E0%B6%BA%E0%B7%92
ඉරාන ආධ්‍යාත්මික නායක අයතුල්ලා සෙයිඩ් අලි කමේනි ඊයේ වසර 8කට පසු ප්‍රථම වරට ටෙහෙරාන් අගනුවර දී සිකුරාදා යාඥා මෙහෙයට එක්වෙමින් ඇමරිකාව ඇතුළු බටහිර රටවල් දැඩි දෝෂ දර්ශනයට ලක් කළා.

ඉරානය බටහිර රටවල් සමඟ ඇති කර ගත් න්‍යෂ්ටික ගිවිසුමෙන් ඉවත් වීමෙන් පසු ඇමරිකාව තවදුරටත් විශ්වාසවන්තයෙකු නොවන බවයි ඔහු සඳහන් කළේ.

ඇමරිකානු බලධාරීන් විහිළුකාරයන් බවට පත්ව ඇති අතර, ජර්මනිය, ප්‍රංශය සහ එක්සත් රාජධානිය ඔවුන්ගේ ප්‍රකාශකයන් බවට පත්ව ඇති බවයි ඉරාන ආධ්‍යාත්මික නායකයා කියා සිටියේ.

ඔහු මෙලෙස යාඥා මෙහෙයට එක්වූයේ ඉරාන සන්නද්ධ හමුදා නායකයා ඇමරිකානු ඩ්‍රෝන් ප්‍රහාරයකින් මිය යාම සහ පුද්ගලයින් 176 දෙනෙකු රැගත් යුක්රේන මගී ගුවන් යානයක් ඉරාන මිසයිල ප්‍රහාරයකින් විනාශයට පත්වීමේ සිද්ධියෙන් අනතුරුවයි.



සිඩ්නි නුවර සිට මෙල්බර්න් ගිය දුම්රියක් පෙරළේ
Friday, 21 February 2020 - 8:50

ඕස්ට්‍රේලියාවේ සිඩ්නි නුවර සිට මෙල්බර්න් බලා ධාවනය වූ දුම්රියක්... Read More

කොරෝනා මරණ 2247යි
Friday, 21 February 2020 - 8:30

කොරෝනා වෛරසය හේතුවෙන් මිය ගිය සංඛ්‍යාව 2247 දක්වා ඉහළ ගොස් ඇති... Read More

දකුණු කොරියාවෙනුත් කොරෝනා මරණයක්
Thursday, 20 February 2020 - 21:22

කොවිඩ් නයින්ටීන් හෙවත් නව කොරෝනා වෛරසය අසාදනය වීම හේතුවෙන්... Read More