ලැව් ගිනි පැතිරුණු ඕස්ට්‍රේලියාවට මහ වැස්සෙන් ජල ගැලීම්

Saturday, 18 January 2020 - 14:05

%E0%B6%BD%E0%B7%90%E0%B7%80%E0%B7%8A+%E0%B6%9C%E0%B7%92%E0%B6%B1%E0%B7%92+%E0%B6%B4%E0%B7%90%E0%B6%AD%E0%B7%92%E0%B6%BB%E0%B7%94%E0%B6%AB%E0%B7%94++%E0%B6%95%E0%B7%83%E0%B7%8A%E0%B6%A7%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%9A%E0%B6%BD%E0%B7%92%E0%B6%BA%E0%B7%8F%E0%B7%80%E0%B6%A7+%E0%B6%B8%E0%B7%84+%E0%B7%80%E0%B7%90%E0%B7%83%E0%B7%8A%E0%B7%83%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%A2%E0%B6%BD+%E0%B6%9C%E0%B7%90%E0%B6%BD%E0%B7%93%E0%B6%B8%E0%B7%8A
විනාශකාරී ලැව් ගිනි පැතිරුණු  ඕස්ට්‍රේලියාවේ නැගෙනහිර වෙරළාසන්න ප්‍රාන්තවලට මේ වන විට මහවැසි ඇද හැලෙමින් පවතින අතර ජල ගැලීමේ අවදානමක් ද මතුව ඇති බව විදෙස් වාර්තා සඳහන් කළා.

 ලැව් ගිනි වලින් විශාලතම හානියක් සිදුවූ වික්ටෝරියා, නිව් සවුත් වේල්ස් සහ ක්වීන්ස්ලන්ත ප්‍රාන්තවලටයි මෙලෙස වැසි ඇද හැලෙන්නේ.

මේ හේතුවෙන් නිව් සවුත් වේල්ස් සහ කුවීන්ස්ලන්ත ප්‍රාන්තවල ගමනාගමනයට බාධා පැමිණ ඇති අතර, ඇතැම් ප්‍රදේශවල විදුලි ඇණහිටීම් ද වාර්තා වනවා.

 කෙසේ නමුත්, බලධාරීන් ප්‍රකාශ කළේ මෙලෙස වැසි ඇද හැලීම ලැව් ගිනි නිවීමට සුදුසු වාතාවරණයක් ඇති කර තිබෙන බවයි.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories