හිමාලයේ හිමපතනයෙන් 7 දෙනෙකු අතුරුදන්

Saturday, 18 January 2020 - 17:08

%E0%B7%84%E0%B7%92%E0%B6%B8%E0%B7%8F%E0%B6%BD%E0%B6%BA%E0%B7%9A+%E0%B7%84%E0%B7%92%E0%B6%B8%E0%B6%B4%E0%B6%AD%E0%B6%B1%E0%B6%BA%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+7+%E0%B6%AF%E0%B7%99%E0%B6%B1%E0%B7%99%E0%B6%9A%E0%B7%94+%E0%B6%85%E0%B6%AD%E0%B7%94%E0%B6%BB%E0%B7%94%E0%B6%AF%E0%B6%B1%E0%B7%8A
හිමාල කඳුවැටියේ ඉහළම කඳු ශිඛරයක් වන නේපාලයේ අන්නපූර්ණ කඳු වැටියේ හිමපතනයකින් පුද්ගලයින් 7 දෙනෙකු අතුරුදන්වී තිබෙනවා.

ඊයේ මෙම සිද්ධිය වාර්තා වූයේ මුහුදු මට්ටමින් මීටර් 3230 ක් ඉහළින් පිහිටි අන්නපූර්ණ කඳු වැටියේ පාදම් කඳවුර ආසන්නයේදීයි.

එහි හදිසියේ ඇති වූ හිමපතනයෙන් අතුරුදන් වූ පුද්ගලයන් අතර, දකුණු කොරියානු ජාතිකයන් 4 දෙනෙකු සහ නේපාල ජාතිකයන් 3 දෙනෙකු සිටින බව සඳහන්.

කෙසේ නමුත්, එහි කඳු තරණයේ නිරතව සිටි තවත් 200 දෙනෙකු පමණ මුදා ගැනීමට හැකිව තිබෙනවා.

ලොව උසම කඳු ශිඛරය එවරස්ට් කඳු ශිඛරය වුවත්, හිමපතනයන් නිරන්තරයෙන් සිදුවන අන්නපූර්ණ කඳුවැටිය කඳු නගින්නන්ට ඊට වඩා අනතුරුදායක ලෙසයි සැලකෙන්නේ.


සිඩ්නි නුවර සිට මෙල්බර්න් ගිය දුම්රියක් පෙරළේ
Friday, 21 February 2020 - 8:50

ඕස්ට්‍රේලියාවේ සිඩ්නි නුවර සිට මෙල්බර්න් බලා ධාවනය වූ දුම්රියක්... Read More

කොරෝනා මරණ 2247යි
Friday, 21 February 2020 - 8:30

කොරෝනා වෛරසය හේතුවෙන් මිය ගිය සංඛ්‍යාව 2247 දක්වා ඉහළ ගොස් ඇති... Read More

දකුණු කොරියාවෙනුත් කොරෝනා මරණයක්
Thursday, 20 February 2020 - 21:22

කොවිඩ් නයින්ටීන් හෙවත් නව කොරෝනා වෛරසය අසාදනය වීම හේතුවෙන්... Read More