ඇෆ්ගන් තලෙයිබාන්වරුන්, ඇමරිකාව සමග සාම ගිවිසුමකට සූදානම්

Saturday, 18 January 2020 - 20:17

%E0%B6%87%E0%B7%86%E0%B7%8A%E0%B6%9C%E0%B6%B1%E0%B7%8A+%E0%B6%AD%E0%B6%BD%E0%B7%99%E0%B6%BA%E0%B7%92%E0%B6%B6%E0%B7%8F%E0%B6%B1%E0%B7%8A%E0%B7%80%E0%B6%BB%E0%B7%94%E0%B6%B1%E0%B7%8A%2C+%E0%B6%87%E0%B6%B8%E0%B6%BB%E0%B7%92%E0%B6%9A%E0%B7%8F%E0%B7%80+%E0%B7%83%E0%B6%B8%E0%B6%9C+%E0%B7%83%E0%B7%8F%E0%B6%B8+%E0%B6%9C%E0%B7%92%E0%B7%80%E0%B7%92%E0%B7%83%E0%B7%94%E0%B6%B8%E0%B6%9A%E0%B6%A7+%E0%B7%83%E0%B7%96%E0%B6%AF%E0%B7%8F%E0%B6%B1%E0%B6%B8%E0%B7%8A
මේ මාසය අවසන් වීමට පෙර ඇමරිකාව සමග සාම ගිවිසුමකට එළඹීමට බලාපොරොත්තු වන බව ඇෆ්ගනිස්ථානයේ තලෙයිබාන් සංවිධානය පවසනවා.

එහි ප්‍රකාශක සුහයිල් ශහීම් ප්‍රකාශ කළේ ඇමරිකානු හමුදා ඉවත් කර ගැනීම එම ගිවිසුම මගින් අපේක්ෂා කරන බවයි.

ඒ සඳහා වාතාවරණය සැකසීමට තම සන්නද්ධ මෙහෙයුම් අවම කිරීමට සූදානම් බවත්, ඔහු සඳහන් කළා.

දශක දෙකකට ආසන්න කාලයක් පවතින ඇෆ්ගන් යුද්ධය අවසන් කිරීම සඳහා ඇමරිකාව සහ තලෙයිබායි සංවිධානය කටාර් රාජ්‍යයේදී සාකච්ඡාවක නිරත වන්නේ පසුගිය දෙසැම්බරයේ සිටයි.

2001 වසරේදී ඇමරිකානු හමුදා ඇෆ්ගනිස්ථානය ආක්‍රමණය කළේ ඇෆ්ගන් - තලෙයිබාන්වරුන් අල්කයිඩා සංවිධානය සමග පැවැත්වූ සබඳතා හේතුවෙන්.

ඇෆ්ගනිස්ථාන රජය සහ ඔවුන්ට සහය දක්වන ඇමරිකාව සමග සාකච්ඡා කිරීම තලෙයිබාන් සංවිධානය දිගු කලක් ප්‍රතික්ෂේප කර තිබුණා.

කෙසේ නමුත්, දෙපාර්ශවය අතර, සාම ගිවිසුමක් අත්සන් තැබුවහොත් එය, ප්‍රධාන කරුණු දෙකකින් සමන්විත වනු ඇති.

ඇෆ්ගනිස්ථානයේ ඇමරිකානු හමුදා ඉවත් කර ගැනීම සහ අන්තවාදී කණ්ඩායම්වලට ඇෆ්ගන් භූමිය යොදා ගැනීමට තලෙයිබාන් සංවිධානය විසින් ඉඩ ලබා නොදීමයි.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories