බිම හෙලූ ගුවන් යානයේ කළු පෙට්ටි යුක්රේනයට

Sunday, 19 January 2020 - 9:25

%E0%B6%B6%E0%B7%92%E0%B6%B8+%E0%B7%84%E0%B7%99%E0%B6%BD%E0%B7%96+%E0%B6%9C%E0%B7%94%E0%B7%80%E0%B6%B1%E0%B7%8A+%E0%B6%BA%E0%B7%8F%E0%B6%B1%E0%B6%BA%E0%B7%9A+%E0%B6%9A%E0%B7%85%E0%B7%94+%E0%B6%B4%E0%B7%99%E0%B6%A7%E0%B7%8A%E0%B6%A7%E0%B7%92+%E0%B6%BA%E0%B7%94%E0%B6%9A%E0%B7%8A%E0%B6%BB%E0%B7%9A%E0%B6%B1%E0%B6%BA%E0%B6%A7
පසුගිය ජනවාරි 8 වනදා ටෙහෙරානය ආසන්නයේදී මිසයිල ප්‍රහාරයකින් බිම හෙලූ ගුවන් යානයේ කළු පෙට්ටි යුක්රේනය වෙත යැවීමට තීරණය කර ඇති බව ඉරාන ප්‍රවෘත්ති සේවා සඳහන් කළා.

ඉරානය විසින් අත්වැරදීමකින් බිම හෙලූ යානයේ සිටි මගීන් ඇතුලු 176 දෙනෙකු ජීවිතක්ෂයට පත්වූ අතර, ඉන් 57 දෙනෙකුම කැනඩා ජාතිකයන්.

බෝයිං 737 - 800 ගුවන් යානය ටෙහෙරාන් නුවර සිට යුක්රේනය වෙත ගමන් ගන්නා විටයි මෙම ප්‍රහාරය එල්ලවූයේ.

ඉරාන තස්නිම් ප්‍රවෘත්ති සේවය සඳහන් කළේ යුක්රේනයට යැවීමෙන් එම යානයේ කළු පෙට්ටි පරීක්ෂා කිරීම සඳහා ප්‍රංශය, කැනඩාව සහ එක්සත් ජනපදයේ විශේෂඥයන්ට හැකියාවක් ලැබෙන බවයි.

පරීක්ෂණ සඳහා කළු පෙට්ටි ප්‍රංශයට ලබාදෙන ලෙස සහ පරීක්ෂණයක් පවත්වා යානයේ සිටි මගීන් වෙනුවෙන් වන්දි ගෙවිය යුතු බවට කැනඩාව මීට පෙර ඉල්ලීමක් කර තිබුණා.


සිඩ්නි නුවර සිට මෙල්බර්න් ගිය දුම්රියක් පෙරළේ
Friday, 21 February 2020 - 8:50

ඕස්ට්‍රේලියාවේ සිඩ්නි නුවර සිට මෙල්බර්න් බලා ධාවනය වූ දුම්රියක්... Read More

කොරෝනා මරණ 2247යි
Friday, 21 February 2020 - 8:30

කොරෝනා වෛරසය හේතුවෙන් මිය ගිය සංඛ්‍යාව 2247 දක්වා ඉහළ ගොස් ඇති... Read More

දකුණු කොරියාවෙනුත් කොරෝනා මරණයක්
Thursday, 20 February 2020 - 21:22

කොවිඩ් නයින්ටීන් හෙවත් නව කොරෝනා වෛරසය අසාදනය වීම හේතුවෙන්... Read More