කේරළ ගංජා කිලෝ 18ක් සමග සැකකරුවෙකු අත්අඩංගුවට

Sunday, 19 January 2020 - 14:51

%E0%B6%9A%E0%B7%9A%E0%B6%BB%E0%B7%85+%E0%B6%9C%E0%B6%82%E0%B6%A2%E0%B7%8F+%E0%B6%9A%E0%B7%92%E0%B6%BD%E0%B7%9D+18%E0%B6%9A%E0%B7%8A+%E0%B7%83%E0%B6%B8%E0%B6%9C+%E0%B7%83%E0%B7%90%E0%B6%9A%E0%B6%9A%E0%B6%BB%E0%B7%94%E0%B7%80%E0%B7%99%E0%B6%9A%E0%B7%94+%E0%B6%85%E0%B6%AD%E0%B7%8A%E0%B6%85%E0%B6%A9%E0%B6%82%E0%B6%9C%E0%B7%94%E0%B7%80%E0%B6%A7
කේරළ ගංජා කිලෝ 18ක් ප්‍රවාහනය කරමින් සිටි සැකකරුවෙකු යාපනය මදුරන්කේනි ප්‍රදේශයේදී සුරාබදු නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඊයේ රාත්‍රී සුරාබදු දෙපාර්තමේන්තුවේ නිලධාරීන් වෙත ලැබුනු තොරතුරකට අනුව සිදුකළ වැටලීමකදීයි යතුරුපැදියකින් කේරළ ගංජා ප්‍රවාහනය කරමින් සිටි සැකකරු අත්අඩංගුවට ගැනුනේ.

සුරාබදු දෙපාර්තමේන්තුවේ උතුරු පළාත් සහකාර කොමසාරිස් ප්‍රභාත් ජයවික්‍රම මහතාගේ මෙහෙයවීම යටතේ මෙහෙයුම සිදු කෙරුනු අතර අත්අඩංගුවට ගත් සැකකරු දීර්ඝ කාලයක සිට ජාවාරම සිදුකරන බවට හෙළිවී තිබෙනවා.

නිලධාරීන් භාරයට ගැනුනු කේරළ ගංජා තොගයේ වටිනාකම රුපියල් ලක්ෂ 30ක් පමණ වන බව සඳහන්.

සැකකරු පේදුරුතුඩුව පොලිසියට භාරදීමට නියමිතයි.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories