හෙට සිට වැසි වැඩිවන බව කාලගුණය දැනුම් දෙයි

Sunday, 19 January 2020 - 18:13

%E0%B7%84%E0%B7%99%E0%B6%A7+%E0%B7%83%E0%B7%92%E0%B6%A7+%E0%B7%80%E0%B7%90%E0%B7%83%E0%B7%92+%E0%B7%80%E0%B7%90%E0%B6%A9%E0%B7%92%E0%B7%80%E0%B6%B1+%E0%B6%B6%E0%B7%80+%E0%B6%9A%E0%B7%8F%E0%B6%BD%E0%B6%9C%E0%B7%94%E0%B6%AB%E0%B6%BA+%E0%B6%AF%E0%B7%90%E0%B6%B1%E0%B7%94%E0%B6%B8%E0%B7%8A+%E0%B6%AF%E0%B7%99%E0%B6%BA%E0%B7%92
හෙට (20) දිනයේ සිට ඉදිරි දින කිහිපයේ දී  දිවයිනේ, නිරිත දිග කොටසේත් නැගෙනහිර, උතුරු මැද, ඌව සහ මධ්‍යම පළාත්වලත් වැසි තත්ත්වයේ තරමක වැඩිවීමක් බලාපොරොත්තු විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරනවා.

සබරගමුව සහ බස්නාහිර පළාත්වලත් ගාල්ල, මාතර, මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්ක වලත් හෙට (20) සවස 2න් පමණ පසුව තැනින් තැන වැසි හෝ ගිඟුරුම් සහිත වැසි ඇති විය හැකි බවයි එම දෙපාර්තමේතුව අද (19) දහවල් නිකුත් කළ නිවේදනයේ දැක්වෙන්නේ.

නැගෙනහිර, ඌව, උතුරු සහ උතුරු මැද පළාත්වලත් හම්බන්තොට සහ මාතලේ දිස්ත්‍රික්ක වලත් වැසි වාර කිහිපයක් ඇති විය හැකි බව එහි වැඩිදුරටත් සඳහන්.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories