පාස්කු ප්‍රහාරය ගැන අදත් රහස් සාක්ෂියක්

Sunday, 19 January 2020 - 19:03

%E0%B6%B4%E0%B7%8F%E0%B7%83%E0%B7%8A%E0%B6%9A%E0%B7%94+%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%84%E0%B7%8F%E0%B6%BB%E0%B6%BA+%E0%B6%9C%E0%B7%90%E0%B6%B1+%E0%B6%85%E0%B6%AF%E0%B6%AD%E0%B7%8A+%E0%B6%BB%E0%B7%84%E0%B7%83%E0%B7%8A+%E0%B7%83%E0%B7%8F%E0%B6%9A%E0%B7%8A%E0%B7%82%E0%B7%92%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A
පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් විමර්ශනය කරන ජනාධිපති විමර්ශන කොමිසම හමුවේ සහරාන් සමඟ සබඳතා පැවැත්වූ අනන්‍යතාව හෙළි නොකළ විශේෂ සාක්ෂිකරුවා අද (19) දෙවන දිනටත් සාක්ෂි ලබාදුන්නා.

කෙසේ වෙතත්, මොහු සාක්ෂි ලබාදෙන ආකාරය ආවරණය කිරීමට මාධ්‍යයට අවසර ලබාදුන්නේ නැහැ.

පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් සොයා බැලීමට පත් කළ ජනාධිපති විමර්ශන කොමිෂන් සභාව හමුවේ ඊයේ (18) දින අනන්‍යතාව හෙළි නොකළ මාවනැල්ල ප්‍රදේශයේ පදිංචිකරුවෙක් සාක්ෂි විමසීම සඳහා කැදවා තිබුණා.

කෙසේ වෙතත්, මොහු සාක්ෂි ලබාදීමේදී කොමිසමේ විනිසුරුවරුන් හමුවේ පෙනී සිටීමක් සිදුනොවූ අතර ඔහු මාධ්‍යයට අනාවරණ නොවන පරිදි වෙනත් ස්ථානයක සිට සාක්ෂි ලබාදීමට ද අවස්ථාව සකසා තිබුණා.

ඒ අනුව සාක්ෂි විමසීමේ කටයුතු සිදුකෙරුණේ කොමිසමේ සාමාජිකයින්ට පමණක් පෙනෙන අයුරින් වීඩියෝ තාක්ෂණය උපයෝගී කර ගනිමින්.

මේ අතර, අද දිනත් මෙම පුද්ගලයාගේ අනන්‍යතාව හෙළිනොවන පරිදි මුහුණ වසා කොමිසම හමුවට ඉදිරිපත් කර තිබූ බවයි එහි සිටි හිරු වාර්තාකරු සඳහන් කළේ.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories