වාහනයක අමතර රෝදය සොරා ගන්න, සුනඛයන් දෙදෙනෙකුට වස දෙයි - බළලූන් සහ කුකුළන් 5 දෙනෙකුත් මරුට

Sunday, 19 January 2020 - 19:07

%E0%B7%80%E0%B7%8F%E0%B7%84%E0%B6%B1%E0%B6%BA%E0%B6%9A+%E0%B6%85%E0%B6%B8%E0%B6%AD%E0%B6%BB+%E0%B6%BB%E0%B7%9D%E0%B6%AF%E0%B6%BA+%E0%B7%83%E0%B7%9C%E0%B6%BB%E0%B7%8F+%E0%B6%9C%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1%2C+%E0%B7%83%E0%B7%94%E0%B6%B1%E0%B6%9B%E0%B6%BA%E0%B6%B1%E0%B7%8A+%E0%B6%AF%E0%B7%99%E0%B6%AF%E0%B7%99%E0%B6%B1%E0%B7%99%E0%B6%9A%E0%B7%94%E0%B6%A7+%E0%B7%80%E0%B7%83+%E0%B6%AF%E0%B7%99%E0%B6%BA%E0%B7%92+-+%E0%B6%B6%E0%B7%85%E0%B6%BD%E0%B7%96%E0%B6%B1%E0%B7%8A+%E0%B7%83%E0%B7%84+%E0%B6%9A%E0%B7%94%E0%B6%9A%E0%B7%94%E0%B7%85%E0%B6%B1%E0%B7%8A+5+%E0%B6%AF%E0%B7%99%E0%B6%B1%E0%B7%99%E0%B6%9A%E0%B7%94%E0%B6%AD%E0%B7%8A+%E0%B6%B8%E0%B6%BB%E0%B7%94%E0%B6%A7
නවතා තිබූ වාහනයක අතිරේක රෝදය සොරකම් කිරීම සඳහා එම නිවසේ ආරක්ෂාවට සිටි සුනඛයින් දෙදෙනෙකුට වස මිශ්‍ර ආහාර ලබාදී මරා දැමීමේ පුවතක් වැල්ලවාය - දිඹුලාමුරය ප්‍රදේශයෙන් හිරු ප්‍රවෘත්ති අංශයට වාර්තා වුණා.

අදාළ නිවසේ හිමිකරු සිද්ධිය පිළිබදව පොලීසියට ද පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබුණා.

මීට දින දෙකකට පමණ ඉහත දී කිසියම් පිරිසක් මෙම නිවසට පැමිණ ඇත්තේ නවතා තිබූ වාහන කිහිපයක අතිරේක රෝද සොරකම් කිරීමේ අරමුණින්.

කෙසේ වෙතත්, නිවසේ ආරක්ෂාවට සිටි සුනඛයන් දෙදෙනා බිරීම හේතුවෙන් මෙම සතුන්ට වස මිශ්‍ර මස් ලබාදී ඝාතනය කර තිබෙනවා.

මේ අතර, එම වස මිශ්‍ර මස් ආහාරයට ගැනීමෙන් නිවසට දිනපතා පැමිණෙන බළලූන් තුන් දෙනෙකු සහ කුකුළන් දෙදෙනෙකු ද මිය ගොස් සිටි බවයි අප වාර්තාකරු සඳහන් කළේ.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories