මලයාසියාව, ශ්‍රී ලංකාව ඇතුළු රටවල් 13කට කුණු ප්‍රති අපනයනය කරයි

Tuesday, 21 January 2020 - 7:34

%E0%B6%B8%E0%B6%BD%E0%B6%BA%E0%B7%8F%E0%B7%83%E0%B7%92%E0%B6%BA%E0%B7%8F%E0%B7%80%2C+%E0%B7%81%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%93+%E0%B6%BD%E0%B6%82%E0%B6%9A%E0%B7%8F%E0%B7%80+%E0%B6%87%E0%B6%AD%E0%B7%94%E0%B7%85%E0%B7%94+%E0%B6%BB%E0%B6%A7%E0%B7%80%E0%B6%BD%E0%B7%8A+13%E0%B6%9A%E0%B6%A7+%E0%B6%9A%E0%B7%94%E0%B6%AB%E0%B7%94+%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B6%AD%E0%B7%92+%E0%B6%85%E0%B6%B4%E0%B6%B1%E0%B6%BA%E0%B6%B1%E0%B6%BA+%E0%B6%9A%E0%B6%BB%E0%B6%BA%E0%B7%92
ශ්‍රී ලංකාව ඇතුළු රටවල් 13කින් තම රට වෙත එවනු ලැබූ ප්ලාස්ටික් අපද්‍රව්‍ය ඇතුළත් බහාලූම් 150ක් නැවත එම රටවල් වෙත යවනු ලැබූ බව මලයාසියාව පවසනවා.

එරට පරිසර අමාත්‍යවරිය වන යෙවෝ - බී - යින් කියා සිටියේ තම රට කසල බඳුනක් කිරීමට ඇතැම් රටවල් දරණ උත්සාහය සිහිනයක් පමණක් වනු ඇති බවයි.

මලයාසියාව වෙත මෙලෙස විශේෂයෙන් සංවර්ධිත රටවලින් කසල බහාලූම් පැමිණීම ඇරඹී ඇත්තේ, ප්ලාස්ටික් අපද්‍රව්‍ය ආනයනය චීනය විසින් 2018 වසරේදී තහනම් කිරීමෙන් අනතුරුවයි.

පසුගිය වසරේ 3 වන කාර්තුවේ සිට මෙලෙස මලයාසියාව කසල බහාලූම් නැවත හරවා යැවීමට කටයුතු කර තිබෙනවා.

මෙටි‍්‍රක් ටොන් 3737ක් අඩංගු ප්ලාස්ටික් අපද්‍රව්‍ය ඇතුළත් කසල බහාලූම් 150න් 43ක් ප්‍රංශයටත්, 42ක් එක්සත් රාජධානියටත්, 17ක් ඇමරිකා එක්සත් ජනපදයටත් යවා ඇති අතර, කැනඩාවට සහ ස්පාඤ්ඤයට නැවත යවා ඇත්තේ කසල බහාලූම් 11ක් සහ 10ක්.

ඉතිරි කසල බහාලූම් ජපානය, සිංගප්පූරුව, පෘතුගාලය, ලිතුවේනියාව, බංග්ලාදේශය සහ ශ්‍රී ලංකාව වෙත එවූ බවයි මලයාසියානු පරිසර අමාත්‍යාංශය සඳහන් කළේ. එමෙන්ම තවත් බහාලූම් 110ක් මේ වසර මැද දී නැවත ඒවා රැගෙන ආ රථවලට යවන බව ද පරිසර ඇමතිනී යෙවෝ - බී - යින් ප්‍රකාශ කළා.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories